ගාලු මුවදොර පිටිය මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීන්දු කර තිබේ.
රුපියල් මිලියන 220ක් පමණ වැය කර සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන තිබේ.
ඒ අනුව අප්‍රේල් 20න් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර මින් පසු එහි සුන්දරත්වයට හානි විය හැකි සංගීත සංදර්ශන හෝ දේශපාලන රැළි කිසිවකට ඉඩ ලබා නොදීමට තීන්දු කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 22 ජනාධිපතිවරයාගේ උපදෙස් මත සංවිධානය වන රටේ දැවැන්තම අවුරුදු සැණකෙළිය ගෝල්ෆේස් භූමියට ඉදිරියේ බණ්ඩාර නායක ප්‍රතිමාව අසල වූ ශ්‍රැන්ගිලා හෝටලය ඉදිරිපිට ( අගල සමයේ ගෝඨා ගෝ ගම පිහිටි භූමිය) පැවැත්වීමට සැලසුම් කර තිබේ.
පසුගිය අරගල කාලසීමාව තුළ දී ගොල්ෆේස් භූමිය අවට ප්‍රදේශයේ සිදුව තිබූ දේපළ හානිය අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 6.6ක් වැය කර ඇතැයි රජය පවසයි.