ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ම අහෝසි නොකිරීමට නොකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව 19 වැනි සංශෝධනය තිබෙන ජනතාව සතු තොරතුරු දැනගැනීමේ අයිතිය ස්වාධීන කොමිෂන් සභා ඇතුළු වූ යහපත් අංග රැසක් 20 වෙනි සංශෝධනයට ඇතුළත් කිරීමට තීරණය කර ඇත.
20 වන සංශෝධනය සඳහා මෙතෙක් ඉදිරිපත්ව ඇති යෝජනා සලකා බලා නව කෙටුම්පතක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කිරීමට පසුගිය සතියේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළ අතර ඉදිරි දින දෙක තුළ එම කමිටුවේ වැඩ කටයුතු ආරම්භ කරන බව එහි සාමාජිකයෙක් ලංකාසරට පැවසීය.
19 වැනි සංශෝධනයේ අන්තර්ගත මතභේදයට තුඩු දී තිබෙන පොලිස් කොමිෂන් සභාව ඇතුළු තවත් අංග රැසක් සම්බන්ධව මේ වනවිට විවිධ මත හා යෝජනා ඉදිරිපත්ව තිබෙන බවත් ඒ සියල්ල පුළුල්ව සාකච්ඡා කොට ජනතා යහපත වෙනුවෙන් 20 වෙනි සංශෝධනයට ගෙන ඒමට කටයුතු කරන බව එම සාමාජිකයා සඳහන් කළේය.
20 වෙනි සංශෝධනය ගෙන ඒමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී කමිටු සාමාජිකයන්ට උපදෙස් ලබාදුන් බවත් ඒ අනුව 20 වැනි සංශෝධනය කඩිනමින් කෙටුම්පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඉහත සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.