අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“එජාපයට නායකත්වය දෙන්න මම සූදානම්”

කරූ ජයසූරියගෙන් නිවේදනයක්

by Lanka Sara Editor
අගෝස්තු 24, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බව පක්ෂ නායකත්වයට සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දිමට තමන් කටයුතු කළ බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.

අද පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරිය මහතා පවසන්නේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් තමන් වෙත කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමන්ට හැකියාවක් ඇති බවය.

ඔහු විසින් අද පෙරවරුවේ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

“මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි. මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අප මාතෘභූමියට නි දහස ලබා ගැනීමෙහිලා පුරෝගාමී දායකත්වය ලබා දුන් ගෞරවනීය දේශප්‍රේමී සහ ජාතිකවාදී දේශපාලන බලවේගය වූයේ මහාමාන්‍ය ඩී.එස් සේනානායකයන් විසින් බිහි කළ එක්සත් ජාතික පක්ෂයයි. ශ්‍රී ලංකාවට සැබෑ දේශමාමකත්වයෙන් යුතුව 21 වන සියවසේ අභියෝග ජය ගැනීම සඳහා අවශ්‍ය පරිණතභාවය, නිපුණතාව, සහ ජාත්‍යන්තර පිළිගැනීම සහිත දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි.

එසේ වුව ද වර්තමානය වන විට එජාපය පත්ව ඇති තත්ත්වය සමස්ත පාක්ෂිකයාගේ සහ මෙරට ප්‍රගතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන පුරවැසියන්ගේ බලවත් කණගාටුවට හේතු වී ඇත. එක්සත් ජාතික පක්ෂය නැමැති මෙම අභිමානවත් දේශපාලන බලවේගය පත්ව ඇති අවසානාවන්ත තත්වයෙන් මුදාගෙන පක්ෂයට හිමි අද්විතීය ස්ථානය යළි හිමි කර ගනිමින්, එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියටත් ඉටු කළ හැකි මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස පසුගිය මහ මැතිවරණයෙන් පසුව බොහෝ දේශ හිතෛශී පාර්ශවයන්ගෙන් මා හට ආරාධනා ලැබිණි. ඒ අතර ගරුතර සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගම් නියෝජනය කරන පුජ්‍ය පක්ෂය, එජාපය නියෝජනය කළ හිටපු මැති ඇමතිවරු, පක්ෂයට සහ රටට හිතැති බුද්ධිමතුන්, එජාපය සමග සහයෝගයෙන් ක්‍රියා කරන ඇතැම් පක්ෂ නායකයන්, පළාත් සභා සහ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතයන්, පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, තරුණ සංවිධාන, මෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිවිල් සංවිධාන ද ප්‍රමුඛ විය.

එකී සියලු පාර්ශව විසින් පෙන්වා දෙන ලැබුවේ, ඉදිරි මැතිවරණවලදී පක්ෂය ශූන්‍ය තත්ත්වයට පත්වීම වැළැක්වීම පිණිස වන අවසන් අවස්ථාව මේ මොහොතේ එළඹ ඇති බවයි. කෙසේ වෙතත්, ජනතා ඉල්ලීමට කන් දෙමින් පාක්ෂිකයාගේ අදහස් අනුව පක්ෂයට අවශ්‍ය වන කාලීන ප්‍රතිසංස්කරණ වහාම සිදු කොට නව මුහුණුවරකින් යුතු කඩිනම් ප්‍රතිසංවිධාන ක්‍රියාවලියක් මගින් එක්සත් ජාතික පක්ෂයට ප්‍රතාපවත්ව යළි නැගී සටීමට හැකි බව මම විශ්වාස කරමි.

වර්ෂ 1994 දෙසැම්බර් මස රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂය භාරගැනීමත් සමගම පක්ෂ නායකත්වයේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්ය ලබා ගත් මා එහි සභාපතිවරයකු, නියෝජ්‍ය නායකවරයකු සහ නායකත්ව මණ්ඩලයේ සභාපතිවරයකු වශයෙන් ද පක්ෂයේ ජයග්‍රාහී හැරවුම් ලක්ෂයක් වූ 2014 ඌව පළාත් මැතිවරණයට නායකත්වය දෙමින් ලද අත්දැකීම් ද එක්සත් ජාතික පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදා කටයුතු කර තිබේ.

මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි. මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මවිසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට මවිසින් කටයුතු කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් මා විසින් ගන්නා ලද තීරණයක් වන අතර අප මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මාගෙන් ඉටු විය යුතු සියලු යතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බව අවධාරණය කරමි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම අහෝසි වෙන්නෙ නෑ

Next Post

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් තීරණාත්මක රැස්වීමක්

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.