බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජෛව සම්පත් කොල්ලයකට ඉතිහාසයේ නියම කළ ඉහළම දඩ මුදල විදේශික කොල්ලකරුවන් 02ට ඇඹිලිපිටිය අධිකරණය නියම කරයි… දඩ මුදල එකොලාස් කෝටි හැට අට ලක්ෂයයි….

by editor
ඔක්තෝබර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් රංජිත් රාජපක්ෂ –

සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික වු ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදි අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා ඊයේ (15) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා සැකකරුවන් දෙදෙනාට රුපියල් එකලොස් කොටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු නියෝග කළේය.

මෙසේ දඩ මුදල් ගෙවන ලෙසට නියම කරනු ලැබුවේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්‍රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන අයටයි.

සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලිමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට නියෝගයක් ලබාදෙන ලෙසත්, (15) දින එම දඩ මුදලෙන් ලක්ෂ පහලෝවක මුදලක් අධිකරණය වෙත ගෙවන බවත් ය.

අත් අඩංගුවට පත් අවස්ථාව..

එම ඉල්ලිමට වනජිවි නිලධාරින්ගේ විරෝධයක් මතු නොවු නිසා දෙපාර්ශව පිලිබදව කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා යලිත් මෙම නඩුව ලබන මස (26) දින කැඳවිමට නියෝග කළ අතර, දඩ මුදල සම්පුර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රදවා ගැනීමට නියෝග කෙරිණ.

සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (28) දින එම රක්ෂිතයන් තුළට ඇතුළු වි ජෛව සම්පත් මංකොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑලිය හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල, නුවරඑලිය ගැල්වෙස්ලැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක ඇතුළු වනජිවි නිලධාරින් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වන්නාන්තරය වෙත ගොස් වැටලීමක් සිදු කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරිමේදි සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සඟවා තිබු ජෛව සම්පත් 230 ක් තම භාරයට ගත් බව එම වැටලීමට එක් වු හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල පැවසිය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

කොල්ල කන දල ජීවි දර්ශ….

එම සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස (29) දින ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදා හැරිමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

එක් සැකකරුවෙකුට චෝදනා 1067 බැගින් ගොණු කළ බවත්, වනජිවි දෙපාර්තුමේන්තු ඉතිහාසයේ ජෛව සම්පත් මංකොල්ලයකට නියම කළ වැඩිම දඩ මුදල මෙය බවත් ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේය.

සැකකරුවන්ගේ චෝදනා වලට අමතරව සැකකරුවන් විසින් එක්රැස් කර තිබු ජෛව සම්පත් සම්බන්ධයෙන් කුමන සජිවී සත්ව කාණ්ඩයක්ද යන්න පිලිබඳව වාර්තාවක් සත්ව උද්‍යාන අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් සහ සතුන් මත් කිරිම සම්බන්ධයෙන් පශු පර්යේෂණ ආයතනයෙන් වාර්තා කැඳවා එම වාර්තාද අධිකරණය හමුවේ ඉදිරිපත් කල බවයි ඩබ්ලිව්.එම්.එල්.කේ.වාසල කියා සිටියේ.

එම චුදිතයන් දෙදෙනා මෙරටට ආවේනික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේනික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230 ක් එක්රැස් කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල් හතයි… අද දිනුම නම් පංකාදුයි… දැන් තරගාවලි ජයග්‍රහණය දෙපැත්තටම විවෘතයි!

Next Post

අයහපත් කාලගුණය ඉන්දියාව සහ යාපනය අතර නැවු සහ ගුවන් සේවා තාවකාලිකව අත්හිටුවයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.