බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මල් හතයි… අද දිනුම නම් පංකාදුයි… දැන් තරගාවලි ජයග්‍රහණය දෙපැත්තටම විවෘතයි!

by editor
ඔක්තෝබර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරේදා පැවති තරගයට වඩා සපුරාම වෙනස් තරගයකි. ඒ ගැහිල්ල මාරය. මුලින්ම පන්දුවට පහර දී ලකුණු 162ක් ලබා ගන්නා විට අපට හිතුනේ මේ නම් මදි වගේය. ඕවර විස්ස අවසානයේ දී මහා පරාජිත හැඟීමක් ආවේය. ඒ පළවෙනි මැච් එකේ ඔවුන්ගෙන් ගුටි කෑ ආකාරය සිහි වනවිටය. ඒ නැවු ගුටි මතක් වෙමින් තිබුණ ඒ වෙලාවේත් අපේ ඇඟ පතත් රිදෙමින් තිබුණේය.

ඒත් අද බටහිර ඉන්දීය කොදෙව්වන් සමග දඹුල්ලේ පැවති දෙවැනි තරගය අප ලකුණු 73කින් දිනුම්ය. ඔවුන් පන්දු 23ක් ඉතිරිව තිබෙද්දී ලකුණු 89කට සියල්ලෝ දැවී ගියහ.

දඹුල්ලේ දී අද අප දුටුවේ දඟ පන්දු විශ්මයකි. අපේ පොඩි එකා දුනිත් විස්සයි 20 අන්තර්ජාතික තරගයක අමතක නොවන පන්දු යැවීමක් කළේය. දුනිත් පන්දු ඕවර 4කි. ලබා දුනනේ ලකුණු 09කි. කඩුළු 03ක් දවා ගත්තේය. අනෙක් අන්තයෙන් මහීෂ් තීක්ෂණත් අග්‍ර පන්දු යැවීමකය. පන්දු ඕවර 3.1කි. ලකුණු 07ට කඩුලු 02කි. චරිත් අසලංකත් අද හිතාගත නොහැකි පෙරළියක් පන්දුවෙන් කළේය. පන්දු ඕවර 2කි. ලකුණු 06කි. කඩුළු 02කි. හසරංග දැඩි ප්‍රහාරයකට ලක්වුන එකම පන්දු යවන්නා වූයේය. ඔහු කඩුළු 2ක් ලබා ගත් නමුත් ඕවර 3ට ලකුණු 32ක් ලබා දුන්නේය. මතීෂ පතිරණ ලකුණු 12ට කඩුල්ලකි.

පන්දු යැවීම සම්බන්ධව මුලින්ම ඒ සටහන තබන්නේ දඹුල්ලේ අද එළිදැක්වුන දඟ පන්දු වික්‍රමය ඒ තරම් රමණීය එකක් නිසාය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

තරගය

කාසියේ වාසිය දිනුවේ ශ්‍රි ලංකා කණ්ඩායමය. චරිත් පන්දුවට පහරදීම තේරුවේය. අද ඒ තේරීම සාධාරණීකරණය කරන්නට පැතුම් නිශ්ශංක සහ කුසල් මෙන්ඩිස් සමත් වූහ. ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 77කි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා මුල් පන්දු ඕවර 10 ක්‍රීඩා කළහ. කුසල් මෙන්ඩිස් ලකුණු 26කට මුල්ම කඩුල්ල ලෙස දැවී යන්නේ 10 වැනි ඕවරයේ අවසන් පන්දුවේ දී ය. කුසල් ඒ ලකුණු 26 සඳහා හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමග පන්දු 25ක් වැය කළේය.

අනතුරුව පැතුම්ට එකතුවන කුසල් පෙරේරා පන්දු 16ක් තුළ ලකුණු 24ක් ලබන්නේ හතරේ පහර 03ක් සහ එක් හයේ පහරක් සමගිනි.

කමිඳු පන්දු 14ක දී ලකුණු 19ක් ලැබුවේය. බටහිර ඉන්දීය වේග පන්දු යවන බලඇණිය අවසන් මොහොත දක්වා දැඩි පීඩනයක් පතිත කරමින් පන්දු යැවූ අයුරු දුටුවෙමු.  ඒ පීඩනය කදිමට කළමනාකරණය කරගෙන  තරගයේ විශිෂ්ටම පිතිකරණය පැතුම් නිශ්ශංක ගොඩනැගුවේය. ඔහු පන්දු 49ක දී විශිෂ්ඨ ලකුණු 54ක් වාර්තා කළේය. ඒ පන්දු 49ක දී ය. ඊට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.

මුල් කඩුල්ල සඳහා ලකුණු 77ක සබඳතාවයක්…

බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් රොමාරියෝ ෂෙපඩ්,  පන්දු ඕවර 3ක් තුළ ලකුණු 23කට කඩුළු 2ක් ලැබුවේය. අල්සාරි ජෝෂප් ලකුණු 33කට කඩුල්ලක්, ෂාමර් ජෝෂප් ලකුණු 35කට කඩුල්ලක්, ෂාමර් ස්ප්‍රින්ගර් ලකුණු 24ට කඩුල්ලක් ලැබුවේය.

මුල් තරගයේ දී වැඩ නොකළ චරිත්ගේ සැලසුම මේ තරගයේ නම් සුපිරියට වැඩ කරනු දුටුවෙමු. ආරම්භක පන්දු යැවීම මහීෂ් තික්ෂණගෙනි. තුන්වැනි ඕවරයේ සිට මහීෂ් තීක්ෂණ සමග පන්දු යවන්නට කැඳවන්නේ දුනිත් වෙල්ලාලගේය. පවර් ප්ලේ එක නිමා වනවිට බටහිර ඉන්දීය කොදෙව්වන්ට පරාජයේ සොහොන් ලකුණු වැටී අවසන්ය. මුල් පන්දු ඕවර 06 දී ලකුණු 21ට කඩුළු 03කි. ලකුණු 50 පසුකරන්නේ ඕවර 12.2 දී ය.

බටහිර ඉන්දීය කොදෙව්වන් වෙනුවෙන් වැඩිම ලකුණු නායක රොවෙන් පවෙල්ය. ඔහු ලකුණු 20කි. අල්සාරි ජෝෂප් ලකුණු 16කි. ෂෙෆන් රදර්ෆර්ඩ් ලකුණු 14කි.
අනෙක් කිසිම ක්‍රීඩකයෙකුට ලකුණු 07ක සීමා පසු කරන්නට බැරි විය . අංක 1 සිට 4 දක්වා පිතිකරුවන්ගේ ලකුණුවල එකතුව 16කි.
දැන් මරුය. තරගාවලි ජයග්‍රහණය තීන්දු වන්නේ ඊලඟ තරගයෙනි. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සපුරා වෙනස් තරග සැලසුම අද ඔවුන්ව අල්ලා පොළොවේ ගැසුවේය. අප විශ්වාස කරන්නේ දිනුම පැරදුම කෙසේ වුවත් ඊලඟ විස්සයි 20 තරගය නිවාඩු දමා නැරඹිය යුතු එකක් බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව විභාගය යළි ඉල්ලා ශිෂ්‍යත්ව දෙමව්පියෝ දරුවන් සමග ශ්‍රේෂ්ඨාධිකරණයට යති!

Next Post

ජෛව සම්පත් කොල්ලයකට ඉතිහාසයේ නියම කළ ඉහළම දඩ මුදල විදේශික කොල්ලකරුවන් 02ට ඇඹිලිපිටිය අධිකරණය නියම කරයි… දඩ මුදල එකොලාස් කෝටි හැට අට ලක්ෂයයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.