සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටම කම්පා කරමින් අටළුගම ෆාතිමා අයේෂා දැරිය ඝාතනය කළ ඝාතකයාට වසර 27ක සිර දඬුවමක්! ලක්ෂ 30ක දඩයක්…

by editor
පෙබරවාරි 13, 2024
in පුවත්
Atalugama
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

රටම කම්පා කළ ඝාතනයක් වූ  අටලුගම  09 හැවිරිදි පාතිමා අයේෂා අක්‍රම් දැරිය   පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ  මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් (30) නැමැත්තාට  අද (13) පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර  විසින්  බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවමක්  නියම කළේය.

අද දණ්ඩනයට ලක් වූ  මෙම ළමා ඝාතකයා දරුවන් සිවු දෙනෙකුගේ පියෙකි.

මියගිය දැරියගේ මව වෙත රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත්  එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හය හමාරක ලිහිල් සිරදඬුවම් ලබා දෙන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.

2022 මැයි මස 27 හෝ ඊට ආසන්න දිනක නිවස ආසන්නයේ වෙළද සැලකට ගොස් සිටියදී ඇයව රවටා පැහරගෙන ගොස් අවට ලදු කැලෑවක මඩ වගුරක ඔබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ චෝදනා යටතේ පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි ගොනුකිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබුණි

ඝාතන සිද්ධිය

2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම ඝාතකයා දැරිය දූෂණය කිරීමේ අරමුණින් ඇයව රවටා අවට පිහිටි ලඳු කැළෑවකට රැගෙන ගොස් මඩේ ඔබා ඝාතනය කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඝාතකයා  දැරියගේ පියා සමග එකට එක්ව අයිස් මත් ද්‍රව්‍ය භාවිතයට හුරු වූ පුද්ගලයෙකි. මේ පුද්ගලයා  බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ  පදිංචි වී සිටි අයෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය වූ 2022.05.27 දා  ඝාතනයට ලක්වූ අයේෂා දැරිය නිවස අසල කුකුළු මස් වෙළද සැලකට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇත.  දැරියට පෙර සැකකරු  වෙළද සැලෙන් පිටවී දැරිය එන මග අතුරු පාරක සිට ඇත.

ඇය එතැනින් යන විට මෙම පුද්ගලයා ඇයට කතා කර තිබේ. සිය පියා සමග නිතර සිය නිවසට යන එන හොඳින් දන්නා හඳුනන මේ වැඩිහිටියා කතා කළ පසු දැරිය එම ස්ථානයට ගොස් ඇත.

ගමේ තරුණයින් සමග එක්ව දැරිය සොයන දැරියගේ ඝාතකයා…

මේ අවස්ථාවේ දී ප්‍රදේශවාසී කාන්තාවක් ඇයව දැක කුමක් නිසා එතැන රැඳී සිටින්නේදැයි විමසූ විට දැරිය පවසා ඇත්තේ සිය සීයා එන තුරු සිටින බවය. ඊට නුදුරින් මෙම සැකකාර ඝාතකයා සිට ඇත. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නේ මෙම කාන්තාව ලබා දුන් තොරතුරු මතය.

එහිදී සැකකාර ඝාතකයා පොලිසියට පවසා ඇත්තේ කාන්තාව එතැනින් පිටව ගිය අවස්ථාවේ ඔහු මේ දැරියගේ අතින් ඇදගෙන ලඳු කැලෑවට යන්නට උත්සාහ කළ බවය.

එහිදී දැරිය බියවී කෑ ගසා ඇති නිසා ඔහු ඇයගේ මුව වසා ඇත. එහිදී දැරිය මරබියෙන් දඟලන්නට වූ නිසා දැරියගේ මුව වසා මීටර් කීපයක් ඉදිරියට ඇදගෙන ගොස් ප්‍රාණය නිරුද්ධවනතුර මඩේ ඔබාගෙන සිටි බවත්,   ගිලී ගිය දැරියගේ  පිටට සිය දණහිස තබාගෙන තද කරගෙන සිට ඇති බවත් පොලිසිය හෙළි කළේය.

දැරිය ඝාතනය කල මෙම පුද්ගලයා අනතුරුව අතුරුදහන් වූ   දැරිය සෙවීමට   ගමේ තරුණ පිරිස් හා එක්ව සිටියේය.  වසරකුත් මාස 09කට පසු ඝාතකයාට මේ දඬුවම හිමි වී තිබේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය   වර්ජනයට මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හෙද සංගමය යළිත් බෑ කියයි… වර්ජිත වෘත්තීය සමිති  කළ සාකච්ඡා අසාර්ථකයි!

Next Post

පේරාදෙණිය විශ්වවිද්‍යාල කෘෂිකර්ම පීඨ ගොවිපලට  හොරෙන් ඇතුළු වුන තිදෙනෙක් ගොවිපලේ හොඳින්ම වැඩුණු ඌරෙක් මස් කර අරන් ගිහින්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.