කීර්ති ප්‍රනාන්දු –
තරුණයන් දෙදෙනකු විසින් 15 හැවිරිදි දැරියක්ව ගම්පහ රෝහලට භාර දීමෙන් පසු එම දැරිය මිය ගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් ප්‍රකාශ කිරීමත් සමඟ එම දැරියව රෝහලට රැගෙන ආ තරුණයන් දෙදෙනා රෝහලෙන් පලාගොස් ඇතැයි රෝහල් පොලීසිය පවසයි .
මෙම තරුණයන් දෙදෙනා මෝටර් රථයකින් දැරියව රෝහලට රැගෙනවිත් ඇති අතර දැරිය සිහිසුන්ව සිටි බැවින් ඇය වහාම හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කරගෙන ඇත. එහිදී වෛද්‍යවරයෙකු විසින් දැරිය පරික්ෂා කර ඇති බවත් ඒ වන විටත් දැරිය මිය ගොස් ඇති බවත් වෛද්‍යවරයා පවසා තිබේ .
මේ අවස්ථාවේදී ඉතා රහසිගත ලෙස එම දැරිය රැගෙන විත් සිටි තරුණයන් දෙදෙනා රෝහලෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇති දැරියගේ ශරීරයේ තැලීම් වලට සමාන සලකුණු ඇති බවද අප කළ විමසීමකදී රෝහලේ වෛද්‍යවරයෙකු පැවසීය .
දැරියව රෝහලට රැගෙන එන ලද තරුණයන් දෙදෙනා පැමිණි මෝටර් රථය සහ එම තරුණයින් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලිසිය රෝහලේ ආරක්ෂිත කැමරා පද්ධතිය පරීක්ෂා කිරීම් සිදුකරන බවද රෝහල් පොලීසිය පවසයි.
මියගොස් ඇති දැරිය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පවසන පොලිසිය එම දැරිය කවුරුන් ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි කියා සිටී .