ලලිත් චාමින්ද
කොල්ලකරුවන් තිදෙනෙකු විසින් තමන්ට පහරදි තුවාල සිදුකොට රුපියල් 1.86000ක මුදලක් කොල්ලකනු ලැබු බවට පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දෙදරු පියෙකු ඊයේ (10) අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම, ඇලඉහල, ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි. මොහු කොල්ලකරුවන් තුවාල කළ බව ඇගවිම සඳහා තමන් විසින්ම බ්ලේඩ් තලයකින් උදරය හා උරහිස් දෙපස කපාගෙන තිබු අතර දින දෙකක් රෝහල්ගතව සිටි බවද පොලිසිය පවසයි.
සැකකරු ගැබිනියක් වන තම නැගණියගේ බැංකු ගිණුමේ තිබු රුපියල් 1.86000ක මුදල ලබා ගැනීම සඳහා ඇයත් සමග තවලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇත.
නැගණිය විසින් මොහුට මුදල් බැංකුවෙන් ලබාගෙන දී ඇත. ඇය බස්රථයක නංවා පිටත්කොට මොහු ත්‍රිරෝද රථයෙන් ගොස් තිබේ.
මොහු පොලිසියට පැමිණිලිකොට ඇත්තේ තමන් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදි කොල්ලකරුවන් තිදෙනෙකු තමන්ට පහරදි තුවාල සිදුකොට රුපියල් 1.86000ක මුදල කොල්ලකාගෙන පලාගිය බවය.
මොහු රෝහලෙන් නිදහස් වී පැමිණි පසු වැඩිදුර ප්‍රකාශයක් ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි.
මොහුගේ උදරයේ දෙපස හා උරහිස් දෙපස ඇතිවි තිබු තුවාල තමන් විසින්ම සිදුකරගෙන ඇති බව නිරික්ෂණය වන බව රෝහලේ වෛද්‍යවරයා විසින් ද පොලිසියට දැනුම් දි තිබුණි. සැකකරුගේ වැඩිදුර ප්රකාශනයේ දි පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකොට ඇති බව අනාවරණය වි ඇත. සැකකරු විසින් උරහිස් හා උදරය කපාගත් බ්ලේඩ් තලයද ත්‍රිරෝද රථය තුල තිබි සොයාගෙන ඇත. කොල්ලකනු ලැබු බව කියන මුදල් ද මොහු සතුව තිබි සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර හිනිදුම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.එල්.ඩි සුමිත් ප්‍රියන්ත, උපපොලිස් පරික්ෂක ශාන්ත, පො සැ34604 පුෂ්පකුමාර, පො කො 66267 විජේසුරිය යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.