චිනය සහ පාකිස්ථානය විසින් පසුගියදා නිකුත් කළ ඒකා බද්ධ ප්‍රකාශයේ කාෂ්මීරය සම්බන්ධයෙන් සඳහන් වීම පිළිබඳ ඉන්දියාව සිය දැඩි අප්‍රසාදය පළකර තිබේ.
එහිදී ඉන්දියාව පෙන්වා දී ඇත්තේ පාකිස්ථානයට හෝ චීනයට ඉන්දියාවට අයත් ස්වෛරී භූමියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට සාධාචාරාත්මත අයිතියක් නොමැති බවයි. කාෂ්මීරය ඉන්දියාව අයත් භූමියක් බවත් එහි පාලනය හෝ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් චීනය හෝ පාකිස්ථානය අදහස් දැක්වීම අනවශ්‍ය ක්‍රියාවක් බවද ඉන්දියාව පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්ඩාම් බාචී පවසා සිටියේ චීන-පකිස්ථාන ආර්ථික කොරිඩෝව ඉන්දීය ස්වෛරී භූමි ප්‍රදේශයේ ව්‍යාපෘති ඇතුළත් වන බැවින් එම ආර්ථික කොරිඩෝව සම්බන්ධයෙන් බීජිං පාලනයට සහ ඉස්ලාමාබාද් පාලනය වෙත සිය විරෝධතා නිරන්තරයෙන් දන්වා ඇති බවයි.
පාකිස්ථාන අග්‍රාමත්‍යවරයා සහ චීන ජනාධිපතිවරයා පසුගියදා හමුවූ අවස්ථාවේදී මෙම එ්කාබද්ධ ප්‍රකාශය නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත් මෙහිදී ඉන්දියාව සම්බන්ධනේ සාකච්ඡාවට බදුන් වීම කලාපයේ බල තුලනයටද යම් ආකාරයක බලපෑමක් එල්ල විය හැකිය.
මේ අතර පාකිස්ථානය සහ චිනය අතර ඇති කරගත් ආර්ථීක කොරිඩෝවෝ සාර්ථිකත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයන් එල්ල වන අතර එමගින්න් පාකිස්ථාන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ලවිය.
චීනය විසින් සිය ගෝලීය බල පරාක්‍රමය සඳහා පාකිස්ථානය යොදාගත් අතර එහිදී සිය නව සේද මාවත වූ එක් මාවතක් එක් තීරයක් වැඩසටහන සදහා පාකිස්තානය ඔවුන්ටද නොදැනී යොදා ගැනීමක් සිදුවිය.







