මුලතිව් ප්රදේශයේ 13 හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
මෙම දැරියගේ ලිංග ප්රදේශයට බරපතල ලෙස තුවාල වී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වීමත් සමග මෙය ලිංගික අපරාධයක් කර සිදුකරනු ලැබූ ඝාතනයක් විය හැකි යැයි මුලදී සැක කෙරිනි. පසුව මිය යනවිට මේ දැරිය දෙමස් ගැබිණියක් බව හෙළිදරව් විය.
එහෙත් මේ වනවිට පොලිසියේ සැකයට තුඩු දී ඇත්තේ මෙ 13 හැවිරිදි දියණියට පවුලේ අය විසින් ගබ්සාවක් සිදු කිරීමට යාමේදී ඇය මියගොස් ඇති බවය.
විමර්ශනවලින් අනතුරුව පොලිසිය විසින් ඝාතනයට ලක් වූ දියණියගේ මස්සිනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතිබව නිවුස් ෆස්ට් අද උදේ වාර්තා කළේය. හිරු පුවත් සේවය වාර්තා කරන්නේ මේ වනවිට ඇයගේ මව්පියන් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවය.
13 හැවිරිදි දැරිය මුලතිව් පුදුකුඩිරිප්පු ප්රදේශයේ පිහිටි ඇයගේ නිවස ආසන්නයේ මියගොස් සිටියදී මෙම සතිය මුලදී සොයාගනු ලැබුවේය. ඒ වනවිට ඇයගේ සිරුරට සතුන් විසින් හානි කර තිබිණි.
දෙසැම්බර් 15 වැනිදා සිට ඇය අතුරුදන්ව ඇති බවට වාර්තා වූ අතර ප්රදේශවාසීන් සහ පොලිසිය සෝදිසි මෙහෙයුමක් දියත් කළද දැරිය සොයා ගැනීමට නොහැකි විය.
කෙසේ වෙතත්, ඉරිදා (19) දැරියගේ මළ සිරුර ඇගේ නිවසට මීටර් 500 ක් ඔබ්බෙන් වූ වනාන්තර ප්රදේශයක තිබී සොයා ගැනුණි.