බූස්ටර් එන්නත ලබා ගත් බ්‍රිතාන්‍ය වැසියන් සඳහා සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
ඔමික්‍රොන් ව්‍යාප්ත වන්නට පෙර ෆයිසර් සහ මොඩාර්නා එන්නත් බූස්ටර් මාත්‍රා ලෙස බිතාන්‍ය වැසියන්ට ලබා දී තිබිණි. නමුත් බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇත්තේ සති 10 ක් ගත වෙද්දී, බූස්ටර් එන්නත ලෙස ලබා දුන් ‘ෆයිසර්‘ එන්නත් ප්‍රතිශක්තිය ‘ඔමික්‍රෝන්‘ විකෘතිය හමුවේ සියයට 35 කින් ද, ‘මොඩර්නා‘ බූස්ටර් එන්නත් ප්‍රතිශක්තිය සියයට 45 කින් ද අඩු වන බවය.
කෙසේ වෙතත් , ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ‘ඩෙල්ටා‘ වැනි සෙසු කොවිඩ් විකෘති මෙන් බිහිසුණු නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබියදී, සිවුවැනි එන්නතක් ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ අප්‍රසාදයක් ගොඩ නැගී ඇතැයි ද ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.