දිනසේන රතුගමගේ
13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දියාවේ උවමනාව හා මගපෙන්වීම යටතේ බැවින් එම සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනි කැමැත්ත මත පමණක් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බව දැනුම් දී මේ සම්බන්ධ මැදිහත් වන ලෙස ඉල්ලීමට දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බව වාර්තා වේ.
රජය විසින් සිදු කිරීමට යන ව්‍යවස්ථා සංශෝධනයන් නිසා දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ දේශපාලන පක්ෂ වලට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණයක් ගැනීම සඳහා එම සන්ධානයේ නායකයන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට තීරණය කර ඒ සම්බන්ධයෙන් දැනටමත් ඉන්දියාව දැනුවත් කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් ප්‍රකාශ කළේය.
රජය විසින් ව්‍යවස්ථා සංශෝධනය කිරීම නිසා විශේෂයෙන්ම 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කළ හොත් උතුරු නැගෙනහිර පළාත් වලට විශාල අසාධාරණයක් සිදුවන බව පෙන්වා දෙන දෙමළ ජාතික සන්ධානය එම තත්ත්වය මගහරවා ගැනීම සඳහා වෙනත් විකල්ප ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු කරවන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය.
එවකට පැවති රජය 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද්දේ ඉන්දියාවේ උවමනාව හා මගපෙන්වීම යටතේ බැවින් එම සංශෝධනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තනි කැමැත්ත මත පමණක් සිදු වීමට ඉඩ නොතැබිය යුතු බවට දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිතය.