බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිව් ඩයමන්ඩ් ගින්න මුලුමනින්ම නිවා දැමේ

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න අද සවස 3 වනවිට ගින්න සම්පූර්ණයෙන් පාලනය කර තිබේ.

ඒ නැගෙනහිර මුහුදේ ගිනිගත් බව වාර්තා වූ මොහොතේ සිට පැය 79 කට ආසන්න කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් අඛණ්ඩ ගිනි නිවීමේ මෙහෙයුම් හමුවේ ය.

මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්හදා බලන ලද Dry Chemical Powder (DCP) රසායනික මලු මගින් සාර්ථක ප්‍රථිපල අත් කර දෙන ලදි. ඒ අනුව ලබා ගත් ප්‍රථිපලය මත නෞකාවේ ගිනිදැල් නිකුත්වීම ඇනහිට ඇත.

මෙම තත්වය යටතේ ඉන්දීය නාවික හමුදා සහ ආපදා විශේෂඥ කණ්ඩායම් නෞකාවට ගොඩ වී එහි අභ්‍යන්තරය අධි තාක්‍ෂණික උපකරණ යොදා ගනිමින් පරීක්‍ෂා කිරීමට නියමිතය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වෙතත්, මේ වන විට නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටී.

එමෙන්ම අද උදෑසන නෞකාවේ වාණිජ හා තාක්‍ෂණික ක්‍රියාකාරිත්වය හිමි සමාගම විසින් මුදවාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුගෙන් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔවුන් ඉදිරියේදී එම නෞකාවට සිදු වී ඇති ආපදාව පිළිබඳව තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔවුන්ගේ නිර්දේශ මත නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර තීරණය කෙරෙනු ඇත.

MT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාව කුවෙට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 8ට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමක් ඇතිවී ආපදාවකට පත්විය.

ඒ වනවිට නෞකාව සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරකින් යාත්‍රාකරමින් තිබූ අතර, එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරුමක් සමඟ මෙම ගින්න ඇතිව තිබුණි.

ජාත්‍යන්තර වශයෙන්ද විශේෂ අවධානයකට ලක් වූ මෙම ආපදා තත්වය ඉතා කෙටි කාලයක් තුලදී සාර්ථකව කළමණාකරනය කර ගැනීම තුළින් සිදු වීමට ඉඩ තිබූ අති විශාල සමුද්‍රීය පාරිසරික ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකි විය.

තවද, ඇති වූ හදිසි තත්වය මැඩපවත්වන ලද මෙම නෞකාව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවාගැනීම් කළාපයෙන් ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබා දීම ඉදිරියටත් සිදු කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

13 ට බලපෑමක් ආවොත් වළක්වන්න ටී.එන්.ඒ.මෝදි හමුවෙන්න යයි…

Next Post

ඉන්දියාව මැදිහත් වී ගෙනාව 13 ඉවත් කරන්න කිසිම ආණ්ඩුවකට බෑ.

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.