ජනාධිපතිවරයා විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කළ යෝජනාමාලාව පිළිබඳ ධනාත්මක සංවාදයකට එන්නට සූදානම් බවත් පළාත් සභාවල මූලික අර්ථය බල ගන්වන මහජන නියෝජිතයන් පත් කරගැනීමෙන් අනතුරුව අලුත් කථිකාවක් ගොඩනගා ගනිමින් අලුත් ප්‍රවේශයක් සඳහා මුලින්ම ඡන්දයක් තබන ලෙස ජනාධිපතිවරයාගෛන් ඉල්ලා සිටින බවත් සජිත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේය.
විපක්ෂයේ සිටිනවිට අපත් සමග ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා හිමිකම, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරගැනීම පිළිබඳව විධග්ධ සංවාදයක නිරත වූ ජනාධිපතිවරයාට මේ පවත්වාගෙන යන රාජ්‍ය මර්ධනය නතර කර විපක්ෂයේ සිටටිය දී කළ සංවාදය ප්‍රායෝගික කිරීමට එක්වන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
පළාත් පාලන ආයතන තුළ මෙන්ම පළාත් සභාවල මේ වනවිට ජනතා නියෝජිතයන් නැති බවත් එම ආයතන දැන් හැසිරෙන්නේ රටේ තනි පුද්ගලයෙකුගේ අභිමතය පරිදි බවත් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එය ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.
රටේ පාර්ලිමේන්තුව නිර්මාණය කරන ජන නායකයන් බිහි කරනා තවන් ලෙස ජනාධිපතිවරයාම පළාත් සභා හැඳින්වුවත් ඡන්දවලට ඉඩක් නොමැති නිසා එම තවන් මැරී ඇති බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
“ ඔබ තුමා කියපු පලාත් සබා කියන ජන නායකයන් බිහි කරන තවන් දැන් මැරිලා. ඡන්දවලට ඉඩක් නැති නිසා තවාන් මැරිලා.
“සර්ව පාක්ෂික සාකච්ඡාවේ දි ජන වරමට ඉඩ දෙන්න. පළාත් පාලන පලාත් සභා විධායකය යටතේ. “
“වැදගත්ම මූලික පියවර වන්නේ වරමකට ඉඩක් දෙන්න. වරමකට ඉඩක් ලබා දීම සඳහා අපේ අනුමැතිය ලබා දෙන්න පුලුවන්. පළාත් නවයමේ මේ කටයුත්ත ක්‍රියාත්මක කරලා ඒ අය සමගත් සාකච්ඡා කරලා ඉදිරි පියවර ගැන කතා කරමු.”
“ඔබ පත්වුනේ 134ක පාර්ලිමේන්තු වරමින්. ඇමති මණ්ඩලයත් පත් කරලා, රාජ්‍ය ඇමතිවරුත් පත් කරලා ඔබ තුමාට පැහැදිලි වගකීමක් තියනවා ජන වරමට ඉඩක් ලබා දෙන්න. විශේෂයෙන්ම එකට කටයුතු කරනකොට දැක්ක දෙයක් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬක් නැගුවා.
විපක්ෂය ඉද්දි නගපු හඬ අගමැති උනාට පස්සෙ වෙනස් වුනේ කොහොම ද?. එහෙම වෙනස් වෙන්න බෑ. ජන වරමකට ඉඩක් දෙන්න. රාජ්‍ය භීෂණයට විරුද්ධව නැගී සිටියා සේ මර්ධනයෙන් වලකින්න.
විපක්ෂය හැම වෙලාවෙම රජයට විපක්ෂය වුනේ නෑ. අයිඑම්එෆ්, යෝජනාව එද්දි , දූෂණ මර්ධන පනත ගෙනෙද්දි අපි විරුද්ධ වුනේ නෑ, ඒත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ දී වැඩකරන ජනතාවට සිද්ධවන සමාජ අසාධාරණය ගැන කතා කරනවා. ඒකට හෘදය සාක්ෂියක් ඇතිව අපිට එකඟ වෙන්න බෑ.”
“අපි මේ යෝජනා ගැන ප්‍රතිශීලීව හිතනවා. බුර බුරා නැගෙන ජනතා කෝපය නවත්වන්න. තවත් ටිකක් මැරෙන්න දෙන්න එපා. මැතිවරණයක් පවත්වන්න. අලුත් ජන වරමක් ඇති කරන්න. “
“වහාම ක්‍රියාත්මකවන පරදි මැතිවරණයක් පවත්වමු.”







