සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

13 එල්ලී දැඟලුවොත් ජනවරමක් නැති ජනාධිපතිට ඉක්මනින්ම ධූර කාලය නිමා කරන්න සිද්ධ වේවි… ජාතික සංඝ සම්මේලනය කියයි!

by editor
අගෝස්තු 14, 2023
in පුවත්
Liyanwala-Sasanarathana-Thero
Share on FacebookShare on Twitter

13 වන ව්යවස්ථාව බලාත්මක කිරීමේ  කිසිදු සදාචාරාත්මක හෝ නෛතික අයිතියක්  ජනවරමකින් තොර  ජනපති රනිල් වික්‍රමසිංහට නොමැති බවත්  ඔහු  13නේ එල්ලි දැඟලුවහොත් ඔහුටත් ඔහුගේ ජනාධිපති  ධූර කාලය ඉක්මනින් අවසන් කරන්නට සිදුවනු ඇති බවත්  ජාතික සංඝ සම්මේලනයේ සභාපති පූජ්‍ය ලියන්වල සාසනරතන  හිමියෝ පවසති.    

අද (14) දින  මාධ්‍ය හමුවේ  විශේෂ ප්රකාශයක් සිදු කළ උන්වහන්සේ   ඉන්දියානු බලපෑම මත  ජේ ආර් ජයවර්ධන අපේ රටට බලයෙන් පැටවූ විනයක් විනා  13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන්  රටට කිසිදු යහපතක් නොවන බව අවධාරණය කළහ.

උන්වහන්සේ මාධ්‍ය අභිමුව මෙසේ පැවසූහ.

“මේ රටේ වාර්ගික භේද භින්න ඇති කරමින් බලයට පැමිණීමට එදා සිට උත්සාහ දරන උතුරේ මෙන්ම දකුණේ ජන ප්‍රතික්ෂේපිත දේශපාලනඥයෝ  දැන් 13 ව්යවස්ථාවේ හෝ එල්ලිලා ගොඩ යන්න හදනවා. මේ අනුව බලන කල උතුරේ විග්නේෂ්වරන් කරන්නෙත් දකුණේ  බලලෝභී දේශපාලඥයෝ කරන්නෙත් තමන්ගේ බලය රැක ගැනීම සඳහා එකම දේ තමයි. “

“ අද උතුරේ මෙන්ම දකුණේ ජනතාව ඉල්ලන්නේ 13 ව්යවස්ථාව නෙවෙයි. ඒ අයට යහතින් ජීවත් වීමට හැකි ආර්ථික වාතාවරණයක් පමණයි. මේ නිසයි වසර 30 ක පමණ කාලයක යුද්ධයක් මේ රටේ පැවැත්වුණේ. මේ රටේ ස්වෛරී භාවය හා ඒකීය භාවය වෙනුවෙන් රණවිරුවෝ 27.000 ක් පමණ ජීවිත පරිත්‍යාග කළා. දහස් ගණනක් ආබාධිත වුණා. එදා යුද්ධ කරලා දිනා ගන්න බැරි වුණ දේ අද බන්දේසියක තියලා ලබාදෙන්න මේ බලලෝභී, තක්කඩි  දේශපාලනඥයෝ කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා.”

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අද මේ රටේ ජනතාව ඉතාමත් සුහදව එක්ව කටයුතු කරනවා. මේ අයට අවශ්‍ය 13 ක් නෑ. මේ ආර්ථික ගැටලුවලින් මිදිලා යහපත් ජීවිතයක් ගත කරන්න තමයි රටේ ජනතාවට දැන් අවශ්‍යය.

වත්මන් ජනාධිපතිතුමා ජන බලයකින් පත් නොවූවත් එතුමාට රටේ ජනතාව යම් ප්රමාණයකින් ගරු කරනවා. නමුත් නැවතත් මේ 13 එල්ලිලා දැඟලුවොත් එතුමාගේ ධූර කාලය පවා ඉක්මනින් අවසන් වෙන්න පුළුවන්.

එදා 69 ලක්ෂයක් ජනතාව ඡන්දය පාවිච්චි කරලා ඉල්ලා සිටියේ ඒකීය රාජ්යයක් යටතේ ජාති ආගම් භේදයකින් තොරව ආර්ථික, සමාජයීය, දේශපාලන, ආගමික සංහිඳියාවක් යටතේ රට ගොඩනගන්න කියලයි.

එහෙම නැතිව මේ 13 ක් බදාගෙන නැවතත් රටේ ජාති ආගම් භේද ඇති කරන්න කවුරු හරි කටයුතු කරනවා නම් රටේ සියලු ජනතාව පූජ්‍ය, පූජක පක්ෂ සියලු භේද දුරලා පාරට බැහැලා ඒ උත්සාහය පරාජය කරන්න කටයුතු කරනවා කියලා ජාතික සංඝ සම්මේලනය වශයෙන් අපි සඳහන් කරනවා.”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෝහාරික විගණනයට උත්තර නෑ… ක්‍රිකට් ආයතනය තුන්වැනි වරටත් කල් ඉල්ලයි!

Next Post

අවුරුදු 75ක් දේශපාලකයින් විනාශ කළ රට ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස ගොඩ නගනවා… සංචාරක හා ඉඩම් ඇමති හරීන් ප්‍රනාන්දු  

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.