අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු… නීතිඥවරු අලුත් කඩේ උසාවිය ඉදිරියේ උද්ඝෝෂණයක…

by editor
මාර්තු 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණය පැවැත්වීමට අදාලව මුදල් නිකුත් කරන ලෙස කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ විසින් වරප්‍රසාද ප්‍රශ්නයක්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය අප්‍රේල් මස 06 වැනිදා  පාර්ලිමේන්තු  වරප්‍රසාද කමිටුව හමුවේ විභාග වීමට නියමිතව ඇති බවත්,  අධිකරණයේ ස්වාධිනත්වය අභියෝගයට ලක් කරන  එම යෝජනාව  විභාග නොකර ඉල්ලා අස්කරගන්නා ලෙසත්  බලකරමින් අද අලුත් කඩේ උසාවි පරිශ්‍රය ඉදිරිපිට නීතිඥ වෘත්තිකයෝ විරෝධතාවයක නිතර වූහ. 

අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීමට එරෙහිව නීතිඥ මහා සභාවේ  නීතිඥවරු කණ්ඩායමක් විසින්  මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.  මෙම විරෝධතාවයෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් වටගල විශේෂ ප්‍රකාශයක් කරමින් රජයට දැනුම් දුන්නේ වරප්‍රසාද කමිටුවෙන් උක්ත යෝජනාව ඉල්ලා අස්කර නොගන්නේ නම්  අප්‍රේල් 06 වැනිදා රටට  තීරණාත්මක දිනයක් වනු ඇති බවය.

නීතිඥවරයා මෙසේ ද පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ විසින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන නෑ කියල තීන්දුවක් අරන් තියනවා. ඒ තීන්දුව අභියෝගයට ලක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගියාට පස්සේ ඒ පෙත්සමේ අතුරු නියෝගයක් ලෙස දැනුම් දීලා තියනවා වහාම මේ මැතිවරණය පවත්වන්න කියලා.”

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“ඒ අනුව අප්‍රේල් 25 ට පෙර මැතිවරණය පැවැත්විය යුතුයි කියන අතුරු නියෝගය ඇවිත් තියනවා. ඒ නියෝගය තියෙද්දි අපි දැක්කා පාර්ලිමේන්තුව ඇතුලේ  ප්‍රේමනාත් සී දොලවත්ත සහ ශෙහාන් සේමසිංහ අවස්ථා දෙකක දී ප්‍රකාශන් නිකුත් කරනු ලැබුවා ඒ අයගෙ වරප්‍රසා කඩ වෙලා තියනවා… ඒ නිසා  යෝජනා වරප්‍රසාද කමිටුවට යොමු කරලා එය සමාලෝචනය කරලා එම තීන්දුව ලබා දුන්    විනිශ්ඡයකාරවරුන්ව පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන කියලා.

ශෙහාන් සේමසිංහ කිව්වා වරප්‍රසාද කමිටුවේ එම කාරණය විනිශ්ඡය වන තුරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බහා තබන්න කියලා.

මේ ප්‍රකාශ දෙකම අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක්. ස්වාධීනත්වයට පහරක් එල්ල කරලා තියෙන්නේ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවෙ කතා කළාට පස්සේ එම වරප්‍රසාද කමිටුව තීරණය කරලා තියනවා ලබන මාසෙ 06 වැනිදාට ප්‍රේමනාත් සී දොලවත්තව කමිටුව හමුවට ගෙනත් මූලික සාක්ෂි ගන්නත් අනතුරුව ඊට අදාල ක්‍රමවේදය ඉදිරියට ගෙනියන්නත්.

මේ මැතිවරණය නතර කලේ රනිල් වික්‍රමසිංහ විසින්. එයාගෙ උපදෙස් මත කැබිනට් මණ්ඩලය විසින්. එය නතර කළේ  කැබිනට් මණ්ඩල චක්‍රලේඛ මගින් වියදම් සීමා කරලා.

එහෙමනම් හරිම පැහැදිලියි මැතිවරණය නතර කලේ රනිල් වික්‍රමසිංහගෙ උවමනාවට. එය ජනතා පරමාධිපත්‍යයට ගැටලුවක්. ඒ ගැටලුව තමයි අධිකරණය විසින් ලිහුවෙ.

පාර්ලිමේන්තුව විසින් අනුමත කළ මුදල වහාම මුදා හරින්න කියලා කැබිනට් මණ්ඩලයටයි නියම කළේ. එය පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාවක් නොවෙයි.

ඒ අය අර්ථ නිරූපණය කරන්න හැදුවා පාර්ලිමේන්තුවේ කටයුතුවලට අධිකරණය ඇඟිලි ගහන්න හදනවා කියලා.

නීතිඥ ප්‍රජාව විදිහට අපි දකිනවා මේක ඍජුවම අධිකරණයට අත පෙවීමක් කියලා.  ශිරානි බණ්ඩානායකගේ සිද්ධියෙදි නිතීඥ ප්‍රජාව ලෙස ඍජුවම ඉදිරියට ඇවිත් ඒ තත්ත්වය අභියෝගයට ලක් කළා. ඒ වැනිම පන්නයේ අත පෙවීමක් තමයි මෙය. මේකට කිසි සේත් ඉඩ දෙන්නෙ නෑ. මේක සංකේතාත්මක විරෝධතාවයක් විතරයි. ලබන මාස 06 වැනිදාට වරප්‍රසාද කමිටුව ඉදිරිපිට මේ කාරණය ඉල්ලා අස් කරගත්තේ නැතිනම් මුලු දිවයිනේම නීතිඥ ප්‍රජාව දැනුම්වත් කරලා දැවැන්ත විරෝධතාවයක් ගොනු කරනවා.

අපි කියනවා මේ යෝජනාව වරප්‍රසාද කමිටුවෙන් ඉල්ලා අස් කරගන්න කියලා. නමුත් වරප්‍රසාද කමිටුව විපක්ෂ මන්ත්‍රීවරුන්ට කියලා තියනවා කතා නායක දාපු යෝජනාවක් නිසා ඉස්සරහට ගෙනියන්න. දැන් අපි කියනවා මේ යෝජනාව ඉල්ලා අස්කරගන්න කියලා.

අප්‍රේල් හය වෙනිදා තීරණාත්මක දවසක් බව මතක තබා ගන්න. මේ විරෝධය අප්‍රේල් 06 වැනිදායින් පසු මුළු රට පුරාම ඇති වේවි.

නීතිඥ සුනිල් වටගල කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජකීය කණ්ඩායමට තවත් විශිෂ්ඨ ජයක්… කඩුළු 07කින් එක් දින තරගය ජය ගනී!

Next Post

ධනංජය එක් දින තරගාවලියෙන්ම හලයි?

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.