අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රාජකීය කණ්ඩායමට තවත් විශිෂ්ඨ ජයක්… කඩුළු 07කින් එක් දින තරගය ජය ගනී!

by editor
මාර්තු 24, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රාජකීය කණ්ඩායම තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගත්තේය. ඒ  අද  එස්.එස්.සී  ක්‍රීඩාංගනයේ පැවති රාජකීය ශාන්ත තෝමස් 46වන එක් දින මහා තරගය කඩුළු 07කින් ජයග්‍රහණය කරමිනි.

අද උදේ  කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරූ ශාන්ත තෝමස් පිළ මුළුමනින්ම අසමත් වූයේය.  රාජකීය පන්දු යන්නෝ ශාන්ත තෝමස් කණ්ඩායම නිරුත්තර කළහ.

ශාන්ත තෝමස් පිල වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු සේනාධි බුලන්කුලමය. සේනාධි ලකුණු 66ක් ලැබුවේය. හතරේ පහර 06ක් එල්ල කළේය. එක පිට එක කඩුළු බිඳ වැටෙද්දී එක අන්තයක් ආරක්ෂා කරගනිමින් ඔහු පන්දු 133කට මුහුණ දුන්නේය. එහෙත් ඔහුට සටන් සගයෙක් ඉතිරී වූයේ නැත.

මැදපෙළ පිතිකරු  මහිත් පෙරේරා පන්දු 37ක දී ලකුණු 28ක් ලැබුවේය. අකාශ් ප්‍රනාන්දු සහ සෙනෙත් හෙට්ටිආරච්චි ලකුණු 12 බැගින් ලැබූහ.

අනෙක් එකම ක්‍රීඩකයෙක්වත් ලකුනු 10 සීමාව ඉක්මවන්නට රාජකීය පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පන්දු ඕවර 148.2 ක දී සියල්ලන්ම දැවී ශාන්ත තෝමස් කණ්ඩායම රැස් කළේ ලකුණු 165ක් පමණි.

සියලුම රාජකීය පන්දු යවන්නෝ අගපත් පන්දු යැවීමක යෙදුනහ. බුලන් වීරතුංග ඕවර 08ක් යවා ලකුණු 24කට කඩුළු 02ක් ලැබුවේය. අනුෂ් පොලොන්නෝවිට ඕවර 10ක් යවා ලකුණු 23කට කඩුල්ලක් ලැබුවේය. සන්දේෂ් රාමනායක ඕවර 08ක් යවා ලකුණු 34කට කඩුළු 02ක්, නායක දසිස් මංචනායක පන්දු ඕවර 9.2ක් යවා කුණු 25කට කඩුළු 2ක් ලැබුවේය.

රනුක මලවිආරච්චි, රමිරු පෙරේරා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජකීය පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් පන්දු යවන්නන්ට ලැබුනේ දැවැන්ත ප්‍රහාරයකි.

ආරම්භක පිිතිකරු යුගලයෙන් අයෙක් වූ රෙහාන් පීරිස් හතරේ පහර 7ක් සහ එක් 06 පහරක් සමගින් පන්දු 107ක දී නොදැවී ලකුණු 69ක් ලැබුවේය.

උවිදු වීරසේකර පන්දු 68ක දී ලකුණු 50ක් වාර්තා කලේ හතරේ පහර 04ක් සහ හයේ පහර 02ක් සමගිනි.

මහා තරගයේ දී  රාජකීය පිලට ස්වර්ණමය ජයග්‍රහණයක පදනම දැමූ මැද පෙළ පිතිකරු,, රාජකීය නායක දසිස් මංචනායක පන්දු 28ක් තුළ හතරේ පහර 2ක් සමගින්  නොදැවී  ලකුණු 26ක් වාර්තා කළේය.

ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් ප්‍රනාන්දු සහ අශේන් පෙරේරා කඩුල්ල බැගින් වාර්තා කළහ.

රාජකීය ක්‍රීඩකයෝ පන්දු ඕවර 37ක දී කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ජයග්‍රාහී  ඉලක්කය පසු කර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිඥ සංගමයේ   සභාපතිවරයාගේ  ආරක්ෂාව තහවුරු කරන්න… නීතිඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි…

Next Post

අධිකරණයේ ස්වාධීනත්වයට අත නොතබනු… නීතිඥවරු අලුත් කඩේ උසාවිය ඉදිරියේ උද්ඝෝෂණයක…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.