දිනසේන රතුගමගේ-
යාපනය අධිකරණයේ නියෝගයක් මත ඉන්දියාවේ තමිල්නාඩු ධීවරයින් 11 දෙනෙකු මේ මස 28 වෙනිදා යාපනයට පැමිණීමට නියමිතව ඇත.
ගුවන් මගින් යාපනයට පැමිණෙන මෙම ධිවරයින් 11 දෙනා මීට පෙර අවස්ථා කීපයකදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ අනවසරයෙන් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමේ චෝදනාව මතයි.
ඔවුන් රාමේස්වරන් සිට පැමිණි ධීවර යාත්‍රා 11 ක් රාජ සන්තක කොට ඇති අතර එම යාත්‍රා ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට අනුව එම වෙන්දේසියට සහභාගී වීම සදහා යාපනය අධිකරණය ඉන්දීය ධීවරයින් 11 දෙනාට යපනයට පැමිණෙන ලෙස නියෝග කොට තිබුණි.
ඒ අනුව යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දිය මහ කොමසාරිස් කාර්යලයේ මැදිහත් වීමෙන් මෙම ඉන්දීය ධීවරයින් පිරිස යාපනයට පැමිණීමටත් අනතුරුව බෝට්ටු වෙන්දේසිය සදහා සහභාගී වීමටත් නියමිතය.
මේ අතර තමිල්නාඩුවේ ධීවර සංගම් මෙම බෝට්ටු වෙන්දේසියෙන් ශ්‍රී ලංකා රජය ලබන ආදායමෙන් කොටසක් ඉන්දියාවේ බෝට්ටු වල මුල අයිතිකරුවන්ට ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කොට ඇත.







