ආදර්ශා කරඳන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ටාසය මගින් අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ආශූ මාරසිංහ සහ සුනඛයෙක් සම්බන්ධයෙන් ඇට විසින් මාධ්‍ය හමුවක් කැඳවා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබිණි.
එම ප්‍රකාශය මත තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශා කරඳන ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ඊයේ (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවය.







