දිනසේන රතුගමගේ
නත්තල් දිනයේ මරා මස් පිණිස අලෙවි කිරීම සඳහා කූඩු කොට සිටි කිලෝ 50 ක් පමණ බර කබැල්ලෑවන් දෙදෙනෙකු සමග එක් සැකකරුවකු මුලතිව් වන ජීවී නිලධාරීන් හා පොලීසිය විසින් ඊයේ (24 ) අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු මුලතිව් මහේස්ත්‍රත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව කබැල්ලෑවන් දෙදෙනා වන ජීවී නිලධාරීන්ට බාර දෙන ලෙසත් සැකකරු ජනවාරී මස 5 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරු මීට ඉහතදී ද වන සතුන් කූඩු වල තබා ගෙන පසුව මරා මස් කොට විකිණීමේ ජාවාරමක නිරත වී ඇති බව මුලතිව් පොලීසිය ප්‍රකාශ කළේය.







