දැඩි වෙහෙසකර මෙහෙයුමකින් පසු හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලා දෙකක හටගත් ගින්න අද අළුයම වනවිට මැඩපවත්වා තිබේ.
කෙසේ වෙතත් ගිනිගෙන දැවුන තීන්ත කර්මාන්ත ශාලාව සහ රෙදි පිළි කර්මාන්ත ශාලාව ගින්නට හසුවීමෙන් මුලුමනින්ම විනාශවී ඇති බව වාර්තා වේ.
ගින්නේන ජීවිත හානි කිසිවක් වාර්තා වන්නේ නැත.
ඊයේ (17) රාත්‍රියේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා හොරණ සහ කෝට්ටේ ගිනිනිවන ඒකකවල ගිනිනිවන රථ 07ක් යොදවා තිබිණි.
පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනිනිවන ඒකකය ද අවශ්‍ය සහයෝගය සඳහා යුද හමුදා කණ්ඩායමක් ද ගින්න මැඩ පත්වන මෙහෙයුමට එක් විය.
හෝමාගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි