ආගමික බැඳීම් හීන වී යන බටහිර ලෝකයේ, සාම්ප්‍රදායික ආගමික මූලධර්මවලින් ඔබ්බට පිළිතුරු සොයන බොහෝ දෙනෙකුට බුදුදහම අධ්‍යාත්මික රැකවරණයක් ලෙස පෙනෙන බව, ‘භූතාන් ලයිව්’ වාර්තා කරයි.
බුදුදහමේ ඉගැන්වීම් වර්තමාන පරිසරයන්වලට හැඩගැසෙන නිසා ඕතඩොක්ස් ආගමික විශ්වාසයන්ගෙන් කළකිරුණු අයට සැනසීමක් ලබා දෙයි. මෙවන් ප්‍රතිවිරුද්ධ පරිසරයන් තුළ බුදුදහම දියුණු වන ආකාරය එහි අනුවර්තනය වීමේ හැකියාව හා එහි ගැඹුරු බව පෙන්වා දෙන බව එම වාර්තාවෙහි සඳහන් ය.
බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද බුදු දහම මිනිස් මනසෙහි ඇති සංකීර්ණතා, ගැඹුරින් සොයා බලා, දුක් වේදනාවල මූලයත්, විමුක්තියේ මාර්ගයත් පෙන්වා දෙනු ලබයි. වර්තමාන ලෝකයේ ඇති මානසික පීඩාවන්ට විසඳුම් බෞද්ධ ඉගැන්වීම් තුළම ඇති නිසාත්, එමඟින් මානසික යහපැවැත්ම පෝෂණය කරනු ලබන නිසාත් බුද්ධාගමට මේ වන විට ගෝලීය පිළිගැනීමක් ලැබී ඇතැයි ද භූතාන් ලයිව් වාර්තා කර තිබේ.
ආසියානු කලාපයේ උපත ලබා තිබෙන බුදුදහම මේ වන විට වේගයෙන් බටහිර රටවල්වලට පැතිරී යයි. අති නවීන සමාජවල පවා තාර්කික උගත් මනසින් බුදුදහම සෑම ක්ෂේත්‍රයටම, සෑම කාලයකට දක්වන අදාළත්වය ඔප්පු කර පෙන්වා ඇති නිසා ඔවුන් වේගයෙන් එම දහම වැළඳ ගන්නා බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.