කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයෙක් රට හැර යෑම සහ අනෙක් වෛද්‍යවරයා පුහුණුව සඳහා විදේශගත වීම හේතුවෙන් ළමා රෝගීන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යැවීමට සිදු වී තිබේ.
මේ තත්ත්වය දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන බවත්, අදාල පරීක්ෂණ ප්‍රායෝගිකවම ප්‍රමාදවීමට අමතරව විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග කියයි.
උද්ගත වී ඇති තත්ත්වය තුළ දරුවන්ගේ දෙමව්පියන් දැඩි අපහසුතාවයකට සහ පීඩනයකට පත්වී ඇති ආකාරය වාර්තා වේ.