බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර හිතනේ.. මා කිව්වේ විපක්ෂය දිනන පලාත් පාලන ආයතනවලට හොරකම් කරන්න සල්ලි එවන්නේ නෑ කියලා මම කිව්වම විපක්ෂය කියනවා ඔවුන් දිනන සභාවලට සල්ලි එවන්නේ නෑ කියලා මම කිවලු…  ජනපති කියයි!

by editor
අප්‍රේල් 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් පසුගිය කාලය පුරාම අවධාරණය කළේ විපක්ෂය යම් ප්‍රාදේශීය සභාවක් ජයග්‍රහණය කළහොත් එම ප්‍රාදේශීය සභාවයට මධ්‍යම රජයේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන බව නොව, මධ්‍යම රජය සොරකම් නොකර නාස්ති නොකර ඉතිරි කරගන්නා ජාතික ධනය ප්‍රාදේශීය සභාවකට හෝ නගර සභාවකට සොරකම් කිරීම සඳහා එවන්නේ නැති බව යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් තලවාකැලේ පැවති ජන රැළිය අමතමින් අවධාරණය කළේය.

විපක්ෂය හොරකම් නොකරන්නේ නම් ගැටලුවක් නැති බව පවසන ජනාධිපතිවරයා හොරකම් කරන්න මුදල් නොඑවන බව කී විට ආණ්ඩුවේ නොවන ප්‍රාදේශීය සභාවකට හෝ නගර සභාවකට මධ්‍යම රජයේ මුදල් එවන්නේ නැති බව විපක්ෂය පැවසීම අපූරු බවද කීවේය.

“ඒ අයගේ හොර හිත…” ජනාධිපතිවරයා සිනාසෙමින් පැවසුවේය. ඔහු සිය ප්‍රකාශය පිළිබඳ පැහැදිලි කළේ මෙසේය.

අඩු ආදායම් සහිත ප්‍රාදේශීය සභාවලට මහ ආණ්ඩුව විසින් උපයාගන්නා මුදල්වලින් යම් මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න ඕන. ඒ නිසා  මධ්‍යම ආණ්ඩුව එක් රැස් කරගන්නා මුදල්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අපි ප්‍රාදේශීයසභා වලටත් ලබා දීමට කටයුතු කරන්න ඕන. සල්ලි ඉතිරි කරලා ඒවා ප්‍රාදේශීය සභාවලට එවනවා.

මම දැක්කා මේ ලඟදි මම අනික් අය ආවොත් දෙන්නේ නෑ කිව්වා කියලා කතාවක් යනවා.  මම කිව්වේ මෙච්චරයි. ඒක පැහැදිලියි. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ. නාස්ති කරන්නේ නෑ.  හොරකම් කරන්නේ නැතිව නාස්ති කරගන්නේ නැතිව එකතු කරගන්න මුදල්  ප්‍රාදේශීය සභාවට නගර සභාවට හොරකම් කරන්න නාස්ති කරන්න එවන්නේ නෑ. එවන්න ඕනේ නෑනේ.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එතකොට කට්ටිය කියනවා ඒ ගොල්ලන්ට දෙන්නේ නෑ කිව්වා කියලා. මම ඒ ගොල්ලන්ට දෙන්නේ නෑ කියලා නෙමෙයි කියන්නේ. හොරකම් කරන්න දෙන්නේ නෑ කියලා.  ඒ ගොල්ලන්ගේ තියෙන්නේ හොර හිත. ඒ ගොල්ල හිතනවා එහෙම කියන්නේ ඒ ගොල්ලන්ට කියලා.

ඒ නිසා මතක තියාගන්න මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාදේශීය සභාවයි ගමේ වැඩයි හොඳට ඒකාබද්ධ වෙනවා. මහ ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ. ප්‍රාදේශීය සභාව හොරකම් කරන්නෙත් නෑ. මහ ආණ්ඩුව නාස්ති කරන්නේ නෑ. ප්‍රාදේශීය සභාව නාස්ති කරන්නෙත් නෑ. මහ ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශීය සභාවත් වැඩ කරනවා. මහ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා. ප්‍රාදේශීය සභාවත් ජනාතව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නවා. “

ජනාධිපතිවරයා අවධාරණය කළේ විනාශයේ දිශානතියට ගිය මේ ජාතිය ගොඩ ගැනීම සඳහා ඉහළ සිට පහළට පොරකා වැඩ කරන ශක්තිමත් යාන්ත්‍රණයක් දැන් මේ රටට අත්‍යාවශ්‍ය බවය. තමන් අවධාරණය කරන්නේ ඒ යතාර්ථය බවය.

ජනාධිපතිවරයා තලවාකැලේ ජන රැළිය අමතමින් මෙසේ ද පැවසුවේය.

මීට පෙර ආණ්ඩු නිර්මාණය වූයේ ආණ්ඩු බලයට පත්වන අය වෙනුවෙන් වුවත් ජාතික ජන බලවේගය ආණ්ඩුව සෑම තීරණයක්ම ගන්නේ පොදු ජනතාව වෙනුවෙන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය කෙරෙහි තැබු විශ්වාසය කිසිදු අයුරකින් බිඳ වැටීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ඡන්දය ලබා නොදුන් පිරිස්ද ආණ්ඩුවේ ගමන නිවැරදි බව සනාථ කරන පාලනයක් රට තුළ ඇති කරන බවද ප්‍රකාශ කළේය.

එසේම මතු පරපුර ජාතිය හෝ ආගම් මුල්කරගෙන යුද්ධ නොකරන රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. වතු ජනතාවට ස්වාධීන පුරවැසියන් ලෙස ජිවත්විය හැකි පරිසරය නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, නුවරඑළිය, තලවකැලේදී අද (19) පැවති “ජය නියතයි ගම අපටයි” ජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

ජන රැලිය ඇමතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

පහුගිය මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ජාතික ජන බලවේගයට විශාල ජයග්‍රහණයක් ලබා දුන්නා. ඒ ජයග්‍රහණය අනුව නුවරඑළිය දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙක් නියෝජනය කරනවා. එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ  ජයග්‍රහණය අපට විශ්වාසයි.  පසුගිය වසරේ සැප්තැම්බර් 21 වෙනිදා වන තෙක් මේ රටේ බලය තිබුණේ එක පැළැන්තියකටයි. පවුල් කිහිපයක් අත තිබූ දේශපාලන බලය සැප්තැම්බර් 21 වෙනි දා පොදු ජනතාව අතට පත්වුණා.

 

පවුල් කිහිපයක පාලනය නිසා ණය බරින් මිරිකුණ රටක් බිහි වුණා.  ඒ නිසාම ජනතාව මේ රටින් විදේශ රටවලට ගිහින් පදිංචි වුණා. එහෙත් ජනතාව පෙරට ඇවිත්  පොදු ජනතාව අතට පාලන බලය ලබා ගෙන රට නිවැරදි දිශානතියකට ගෙන ඒමට කටයුතු කළා. ජනතාව ඉතාම නිර්භීත තීන්දුවක් අරගෙන ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තු මැතිවරණයකදී වැඩිම මන්ත්‍රීවරු පිරිසක් සහිත ආණ්ඩුවක් ජාතික ජන බලවේගයට ලබා දුන්නා.  එයින් පෙනී යන්නේ ජනතාව අප කෙරෙහි  තබා ඇති විශ්වාසයයි.

ඔබ අප කෙරෙහි තබා ඇති එම විශ්වාසය බිංදුවකින්වත් කඩා වැටෙන්න ඉඩ තබන්නේ නැහැ. අපට ඡන්දය ලබා නොදුන්න අයත් අපේ පාලනය දැක ජාතික ජන බලවේග නිවැරදියි කියන තැනට ගෙන ඒමට අප කටයුතු කරනවා. මේ රට ගොඩනැඟිම සඳහා හොඳම අවස්ථාව දැන් ලැබී තිබෙනවා. මීට කලින් ආණ්ඩු හැදුණේ ආණ්ඩු බලයට පත්වන අය වෙනුවෙනුයි. තාත්තා පාර්ලිමේන්තුවට ගිය විට  පුතත් පාර්ලිමේන්තු යනවා. අයියා පාර්ලිමේන්තුවේ ඉන්නකොට මල්ලි මහ ඇමති වෙනවා. එයාලා ඇති තරම් මහජනයාගේ ධනය නාස්ති කළා. එයාලා එකතු කරගෙන තියෙන ධනය දිහා බැලුවහොත් මේ ආයු කාලයේදී වියදම් කරලා ඉවර කරන්න පුළුවන් කමක්  නැහැ. ඒ තරම් ධනයක් ඔවුන් රැස් කරගෙන තිබෙනවා .

ජාතික ජන බලවේගය ගන්න හැම තීන්දුවක්ම ගන්නේ මේ රටේ ජනතාව වෙනුවෙනුයි. අපිට ඡන්දය දීපු හෝ අපේ පක්ෂයේ ඉන්න අයවලුන් වෙනුවෙන් නොවෙයි. අපි මේ රට හදනවා. අප මේ රට භාරගන්නා විට විශාල ලෙස කඩා වැටීමට ලක්ව තිබුණා. ගෑස් තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. බැංකු පොලි අනුපාතය දිනපතා ඉහළ යන ආර්ථිකයක් තිබුණේ. ආර්ථිකය පිළිබඳ විශාල අවිනිශ්චිතතාවක් තිබුණා. අපේ පාලන කාලය ඇතුළත  ක්‍රමානුකූලව ආර්ථිකය ස්ථාවර කරන්න සමත් වුණා. මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්ද තමයි මෑත ඉතිහාසයේ ජනතාව එකතු වී සතුටින්ම ගත කළ සිංහල හින්දු අලුත් අවුරුද්ද.

ජනතාවට පහසුකම් සහිත ජන ජීවිතයක් උරුම කර දීම සඳහා අප ක්‍රමානුකූලව තීන්දු තීරණ ගනිමින් තිබෙනවා. රාජ්‍ය සේවයේ අවශ්‍යතාව අප හොඳින් දැන ගෙන තිබෙනවා. කෝටි 14,000ක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වෙන් කර තිබෙනවා. මහා මාර්ග ඉදිකිරීම් සඳහා මුදල් වෙන් කර තිබෙනවා. මේ වසර සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස විශාල ලෙස මුදල් වෙන් කර තිබෙනවා. එම මුදල් වියදම් කිරීමට හැකි වේ දැ’යි පොඩි සැකයක් තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයට  අලුතින් 30,000ක් බඳවා ගැනීමට තීන්දුවක් ගත්තා. රැකියාව සඳහා ලියුම් ගන්න කිසි කෙනෙක් මන්ත්‍රී ගාවට යා යුතු නැහැ. අපි පත්තරේ දැන්වීම දාන්නම්, විභායට වාඩි වී වැඩිම ලකුණු ගන්න දරුවා රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. එහෙමයි රට හදන්නේ.

පොලිසිය සඳහා අලුතින් 10,000ක් බඳවා ගැනීමට තීන්දු කර තිබෙනවා. මේ වසරේදී 2000ක් පොලිසියට බඳවා ගන්නවා. එම 2000න් 500ක් දෙමළ තරුණ තරුණියන් බඳවා ගැනීමට අප තීන්දු කර තිබෙනවා. තමන්ගේ මව් භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න බැරි නම්, රාජ්‍ය ආයතයකට  ගොස් දෙමළෙන්  ලිපි ලේඛනයක් ගන්න බැරි නම් ඒ අයට හිතෙන්නෙ නෑ මේක මගේ මවු රට කියලා. එම නිසා අපි සෑම දෙනාගේම මවු රට ලෙස ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා.

උතුරේ ජනතාව දෙමළ නායකයින් දෙමළ පක්ෂවලින් තෝරන්න කල්පනා කරනවා. දකුණේ ජනතාව සිංහල පක්‍ෂවලින් බෞද්ධ නායකයන් තෝරනවා. නැගෙනහිර ජනතාව මුස්ලිම් පක්ෂවලින් මුස්ලිම් නායකයින් තෝරනවා. කඳුරට ජනතාව කඳුකරයේ පක්ෂ තෝරනවා. එහෙත් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී  උතුරේ ජනතාවත්, දකුණේ ජනතාවත්, නැගෙනහිර ජනතාවත්, කඳුරට ජනතාවත් ජාතික ජන බලවේගය තෝරා ගත්තා. ක්‍රෝධය වෛරය වපුරන දේශපාලනය වෙනුවට ජාතික සමගිය තෝරන ජනතාවක් එකතු වී තිබෙනවා. මෙය ජනතාව ලැබූ ජයග්‍රහණයක්.

අපි ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරනවා, ඕනෑම දේශපාලන මතවාදයක් දැරීමේ අයිතියට ගරු කරනවා. එහෙත් ජාතිවාදී කිසිදු කරුණකට අපි මින් ඉදිරියට ඉඩ තබන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය නම් නීති ගෙන ඒමටත් කටයුතු කරනවා. මේ රටේ ඉපදෙනවා නම්, මේ රටේ ආර්ථිකයට දායකත්වය සපයනවා නම්, මේ රටේ මියැදෙනවා නම්, ඔවුන් ශ්‍රී ලාංකිකයෝ. ඒ සියලුදෙනාටම තිබෙන්නේ එකම අයිතිවාසිකම්. සියලුදෙනාගේම අයිතිවාසිකම් එක සමානව පිළිගන්න ආණ්ඩුවක් අපි නිර්මාණය කර තිබෙනවා.

අපේ දරුවන්ගේ පරම්පරාව කිසි දිනක ජාතිය හෝ ආගම් මුල් කරගෙන යුද්ධ කරන්නේ නැති රටක් අපි හදනවා. අපි බලය ගන්නේ මන්ත්‍ර පොල්ලක් අතේ තියාගෙන නොවෙයි. අපි බලය ගන්නෙ සාමාන්‍ය ජනතාව ලෙසයි. එහෙත් අපට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ වෙනුවෙන් අපි කැප වී තිබෙනවා.

අපි රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප විශාල ලෙස වැඩි කළා.  භාණ්ඩාගාරයේ ධනය ජනතාව වෙත යා යුතුයි කියන විශ්වාසයේ අප සිටිනවා. අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍යය වෙනුවෙන් විශාල ලෙස මෙවර අයවැයෙන් මුදල් වෙන් කළා. දැනට තිබෙන අපේ අධ්‍යාපනය දෙමාපියන්ට බරක් වගේම දරුවන්ට පීඩාවක් වෙලා තිබෙනවා. එම නිසා 2026 වසරේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට අපි කටයුතු කරනවා. හය ශ්‍රේණිය සහ පළමුවන ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරේ සිට ආරම්භ කරනවා. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීමේදී ප්‍රධානම ඉලක්කය වන්නේ අධ්‍යාපනයට හොඳ අවස්ථාවක් ලබා දීමයි. අපි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කලා. විශේෂ වැටුප්තල හරහා විද්‍යාව විෂයයන් වලට අදාළ ගුරුවරුන් බඳවා ගැනීමටත් සැලසුම් කර තිබෙනවා.

බීජ පර්යේෂණ ආයතනය නැවත ගොඩනඟනවා. සාධාරණ මිලකට ගොවියාට බීජ ලබා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළෙහි තිබෙන කෘමිනාශකවලින් හරි අඩක මිලකට කෘමිනාශක ලබා දීමට ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. වතු ජනතාවට දෛනික වැටුප 1700ක් ලබා දීමට සාකච්ඡා කරමින් තිබෙනවා.  අපි වතු ජනතාවට ස්වාධීනව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. වත්තේ කොටස් එම පුරවැසියන්ට ලබා දීමට අවධානය යොමු කර තිබෙනවා. මේ පළාතෙන් නව ව්‍යවසායකයන් බිහි විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ණය සහ තාක්ෂණය රජයෙන් ලබා දීමට කටයුතු කරනවා. ග්‍රෙගරි වැවට කේබල් කාර් ව්‍යාපෘතියක්  ආරම්භ කිරීමට කටයුතු කරනවා. සීතාඑළිය කෝවිල අවට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට ආධාර ලබා දීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙනවා. ඔබට අවශ්‍ය අලුත් ආර්ථික අවස්ථා ලබා දීමට අපි කටයුතු කරනවා. ආර්ථිකයේ නව පරිවර්තනයක් ඇති කරමින් සියලු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට අපි කටයුතු කරනවා.

පුරවැසියාට පවුලේ වෛද්‍යවරයෙක් ලබා දීමට අපි කටයුතු කරනවා. එය මේ වසර තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනවා. පොදු ප්‍රවාහනය නංවාලීමටත් අපි කටයුතු කරනවා. නව ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. එය නගරවල නියමු ව්‍යාපෘතියක් ලෙස සිදු කරමින් ගම දක්වා ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. අපේ රටේ ජනයාගේ කිසිදු මුදලක් නාස්ති නොකරන ආණ්ඩුවක් අද බිහි වී තිබෙනවා. මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති පිරිසක් අපි සමඟ සිටිනවා. පගා ඉල්ලන්නේ නැති ආණ්ඩුවක් නිසා ආයෝජකයන් මේ රටට  පැමිණෙමින් තිබෙනවා.

වංචා දූෂණ සිදු කළ අයට දඬුවම් දිය යුතු නැද්ද? වංචා දූෂණය කළ අයට දඬුවම් දීමේ වුවමනාව පොදු ජනතාවට වඩා මට තිබෙනවා .  නීතිය කාටත් පොදු වීම දියණු රටක ලක්ෂණයක්.

ඉන්දියානු ආධාර යටතේ නිවාස ව්‍යාපෘතියක් නුවරඑළියට ලැබී තිබෙනවා. එය කඩිනමින් අවසන් කර ජනතාව ලබා දීමට අපි කටයුතු කරනවා. මේ සියල්ල අයිති ජනතාවටයි. මීට පෙර තිබුණේ දිය ඇල්ලක් දුටුවහොත් එයත් දේශපාලඥයාට අයිති ලෙසයි. එහෙත් වර්තමාන දේශපාලනය එහෙම නැහැ. මේ සියල්ලම ජනතාව සතු දේවල්. අපි ඒ සියල්ල  ආරක්ෂා කරනවා. ඒ නිසා මැයි 06 වෙනි දා පළාත් පාලන ආයතන ජයග්‍රහණය ජාතික ජන බලවේගයට ලබා දීමට ජනතාව  දෙපාරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මධ්‍යම ආණ්ඩුව හොරකම් නොකරන දේශපාලන අධිකාරියක් අද රටේ තිබෙන්නේ. ඒ නිසා පළාත් පාලන ආයතනත් හොරකම් නොකරන පිරිසකගෙන් පිරවිය යුතුයි.  ඒ සඳහා සියලුදෙනා එකතුවෙලා වැඩ කරමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියේ ඉන්නෙ බබ්බුද ?. නැතිනම් බුද්ධික මනතුංග මහත්තයො… ඔයා බබා ද?

Next Post

දළදා වන්දනාවට එන බැතිමතුන් මහනුවර කුණු කර ඇති බවට පලවන වීඩියෝ බොරු…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.