ව්‍යාජ ලෙස සකස් කළ පෝලන්ත නේවාසික වීසා බලපත්‍රයක් යොදා ගනිමින් ඉතාලිය වෙත යාමට තැත් කළ 23 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (08) පස්වරු 06.40ට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත් ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 217 දරන ගුවන් යානයෙන් රටෙන් පිටත් වීම සඳහා මේ තරුණයා පැමිණ තිබේ.
නිෂ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ ලියකියවිලි පිළිබඳ ඇති වූ සැකය මත මෙම තරුණයා ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.
එහි දී සිදු කළ තාක්ෂණික පරීක්ෂාවල දී මෙම පෝලන්ත නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කළ එකක් බව සනාථ වී ඇත.
ඔහුගේ අත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ව්‍යාජ ආගමන විගමන මුද්‍රා සටහන් දෙකක් සහිත තවත් ගමන් බලපත්‍රයක්, ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රාවක් සහ ගල්ෆ් ගුවන් සේවයේ ව්‍යාජ ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද තිබී ආගමන විගමන නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
රුපියල් ලක්ෂ 40ක් ගෙවා තැරව්කරුවෙක් මඟින් මෙම වීසා බලපත්‍රය සකස් කරගත් බව සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී සැකකරු ප්‍රකාශ කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.