රත්නපුර, කහවත්ත මූලික රෝහලේ අක්ෂි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විදේශගත වීම නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් මේ වන විට අපහසුතාවට ලක් වී ඇති බව රෝගිහු පවසති.
කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන රෝගීන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට පැමිණෙති.
දෛනික සායනය සඳහා රෝගීන් 80ක් පමණ පැමිණෙන බවත් සතියකට දින හයක් අක්ෂි සායනය පවත්වන බවත් ලංකා සර කහවත්ත රෝහලෙන් කළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක කියා සිටියාය.
වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා මීට මසකට පෙරදී වෛද්‍යවරයා විදෙස් ගත වූ බවද ඇය කියා සිටියයා. වෛද්‍යවරයකු රෝගීන් පරීක්ෂා කරන බවත් සැත්කම් නැවතී ඇති බවත් වැඩිදුරටත් අප කළ විමසීමේදී ඇය සඳහන් කර සිටියාය.
දිනකට සැත්කම් 150ක් 200ක් අතර ප්‍රමාණයක් ද සිදු කර ඇති අතර අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු නොමැති වීම නිසා අසරණව සිටින රෝගීන් සඳහා මෙම රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු ලබා දෙන ඔවුහු ඉල්ලා සිටිති.