දිනසේන රතුගමගේ –
උතුරු මුහුදු සිමාවට පැමිණ බලහත්කාරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 21 දෙනෙකු හා ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන අද ( 1 ) අලුයම කන්කසන්තුරේ වරාය වෙත රැගෙන විත් තිබේ.
මේ ධීවරයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුරය මුහුදු තීරයේදී වන අතර එම ධිවරයින් 21 දෙනා අත් අඩංගුවට ගන්නා විට ඔවුන් විසින් අල්ලා ගෙන සිටි මසුන් කිලෝ ග්‍රෑම් 1000 කට වැඩි ප්‍රමාණයක් හා මසුන් මැරීමට උපයෝගී කර ගන්නා ලද තහනම් දැල් කීපයක්ද නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින් සතු ටෝලර් යාත්‍රා දෙක නාවික හමුදාව බාරයේ තබා ගෙන ඉන්දීය ධීවරයින් 21 දෙනා කන්කසන්තුරයේදී යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාල නිලධාරින් වෙත බාර දී තිබේ.
මෙම ධීවරයින් පිරිස යාපනය කන්කසන්තුරේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ධීවර නිලධාරීන් පියවර ගෙන තිබේ.









