බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හේෂා මහ පහත් මිනිහෙක්… නායකතුමා අන්දලා මාව කඩේ යැව්වා… ලිස්ට් එකෙන් කැපූ දමිතා නඩු යන බවට සහතික වෙයි!

by editor
ඔක්තෝබර් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

හේෂා විතානගේ නැමැති පහත් සංවිධායකවරයා තමන් මෙන්ම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසත් කඩේ යවා ඇති බවත් ඔහුගේ මේ අශීලාචාර පහත් ක්‍රියාවට එරෙහිව තමන් අධිකරණයේ පිහිට පතන බවත් දමිතා අබේරත්න අද මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළාය.

අද නාමයෝජනා අත්සන් කිරීම සඳහා රත්නපුර මහ ලේකම් කාර්යාලය වෙත ගිය පසු නාම යෝජනා ලයිස්තුවෙන් තමන්ගේ නම ඉවත් කර ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුව සිදුවූ සිදුවීම් පිළිබඳව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දමිතා අබේරත්න මෙසේ ප්‍රකාශ කළාය.

“මට මහජනතාවට බොරු කියන්න අවශ්‍ය නෑ. මට පහුගිය ටිකේම සජබ වෙනුවෙන් ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක වැඩ කළා. කලා ශිල්පිනියක් විදිහට වෙන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වැඩ කළේ නෑ මම වගේ.”

“මාව කොහෙටද දාන්න ඕන කිව්වම මම කවදාවත් කිව්වෙ නෑ මට මෙතනින් ඕන අහවල් තැනින් ඕන කියලා. මම ඉල්ලීම් කරලා නෑ. රත්නපුර දිස්ත්‍රික්කයෙ මම පහුගිය මැතිවරණයට වැඩ කරන්න ආවට පස්සේ හේෂා විතානගේ සහෝදරයා මට ඉල්ලීමක් කළා දමිතක්කේ ඇයි ඔයා රත්නපුරෙන් ඉල්ලන්නෙ නැත්තෙ කියලා.”

“මම කිව්වා මම එහෙම කල්පනා කරලා තිබුණෙ නෑ. කොහෙන් හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණෙ නෑ කියලා.”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“නෑ අක්කේ මම ඔයාව මෙහෙන් දාන්නම්කො. මෙහෙ කාන්තා නියෝජනයක් නෑ.” එතුමාගෙ වචනවලින් කියනවා නම් “තලතා අතුකොරල මහත්මියත් අයින් වෙලා ඉන්නේ. ඉතින් අක්ක වගේ කෙනෙක් ආවොත් අපට හොඳයි. අපට වැඩක් කරන්න පුලුවන් “කියලා.

ඊට පස්සේ මම ඒකට විරෝධත්වයක් දැක්වුවෙ නෑ. මම කිව්වා මල්ලි යෝජනා කරනවා නම් මම ඉදිරිපත් වෙන්නම් කියලා. ඒ විදිහට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියන්නවා නම් මගේ ලඟ සාක්ෂි තියනවා. නායක තුමා කතා කරපු එකත් තියනවා.

“ඊයේ රෑ මට ආරංචියක් ආවා මගේ නම වෙනස් කළ කියලා. ඒකත් මේකෙ (ෆොන් එකේ ) තියනවා. මම මේ සාක්ෂි ඇතිව කතා කරන්නෙ. කවුරුවත් කීවොත් සාක්ෂි නෑ කියලා මම මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්නන්න ලෑස්තියි.

ඊයේ රෑ නවයයි ගානට මම හේෂට කතා කළා…… මම ඇහුවා මල්ලි කවුරුහරි ලෝයර් කෙනෙක් මට පණිවිඩයක් දුන්නා මෙගෙ නම අයින් කරලා කියලා. මගෙ නම අයින් කරල ද?. කියලා.

“නෑ අක්කේ එහෙම දෙයක් වෙලා නෑ. මම මේ ආවා කරු පරණවිතාන මැතිතුමා ඉවත් වෙලා තියනවා. ඒ වෙනුවට නමක් දාන්න මම ආවා. මම එතෙන්ට යන ගමන්” කියලා. මම කිව්වා එහෙම ප්‍රශ්නයක් නෑ නේද කියලා. හේෂා නෑ කිව්වා. මම කිව්වා අපි උදේ හම්බවෙනවා නේද මල්ලි කියලා ඇහුවම කිව්වා ඔව් උදේ එන්න අක්කා. 9.30 වෙනකොට අපි මෙතෙන්ට එනවා කියලා.

මම නායකත්වයට දොස් කියන්නේ නෑ ඒ නායකත්වය ගැන මම තවමත් විශ්වාස කරනවා. මොකද එතුමාට හේෂා කතා කරලා ඊයෙ කියලා තියනවා මම කැමැත්තෙන් ඉවත් වෙනවා කිවුවා කියලා. හේෂා එතුමාවත් නොමග යවලා. මාවත් නිකම් කඩේ යවනවා වගේ වැඩක් හේෂා කරලා තියෙන්නේ.

මම දන්නේ නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණෙ ඇයි කියලා. මේක මම ඉල්ලලා ගත්ත දෙයක් නෙමෙයි. මම ඇහුවා හේෂා ඔයානෙ මාව යෝජනා කළේ. දැන් ඇයි මෙහෙම කියන්නේ කියලා.

එතකොට හේෂා සහ හේෂාගෙ කැම්පේන් එකට වියදම් කරන මිතුරා කිව්වා, ඒ කැම්පේන් එකට වියදම් කරන මිතුරා මමත් හොඳන්ම අඳුනනවා, දෙන්නම කිව්වා අක්කා ඔයාට නායක තුමත් කෝල් කරයි. ඉල්ලීමක් කරයි සමහර විට අයින් වෙන්න කියලා.

නායකතුමා මගෙන් එහෙම ඉල්ලීමක කළේ නෑ. අද තමයි දැනගත්තෙ නායක තුමත් කඩේ යැවිමක් කරලා තියෙන්නේ කියලා. නායකතුමාටත් බොරුවක් කියලා තියෙන්නේ.

මම අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගෙ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිද්ධ වෙලා තියෙන්නේ. මහලේකම් තුමා වන රන්ජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ. හේෂගෙ කටින් හේෂා කිව්වා මෙතෙන්ට ඇවිත් අක්කේ ඊයේ රෑ දෙකට විතර මේක වෙනස් කළේ මහලේකම් තුමා කියලා.

එහෙම කලා කියලා මට නාමිකව හෝ ලිඛිතව දැනුම් දීමක් කරලත් නෑ.
මම සජිත් ප්‍රේමදාස නායකතුමන්ව දැනුත් විශ්වාස කරනවා. ඔබතුමා ප්‍රතිපත්ති ගරුක ඉතාම නීති ගරුක නායකයෙක්. මේ ඉතාම අශිලාචාර පහත් ක්‍රියාව වෙනුවෙන් ඔබතුමා මම වැනි ඔබතුමා වෙනුවෙන් පෙනී සිටි කලාශිල්පිනියක් වෙනුවෙන් ඔබතුමාගේ වචනවලින් කියනවා නම් “අන්ක්ඩිෂනලි” ඔබතුමා වෙනුවෙන් පෙනී සිටි මම වෙනුවෙන් ඔබතුමා සාධාරණයක් ඉෂ්ඨ කරාවි කියලා…

මා විශ්වාස කරනවා මෙවැනි පහත් සංවිධායකවරුන්ට විරුද්ධව ඔබතුමා මං වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ඨ කරාවි කියලා.

විශේෂයෙන් රත්නපුරේ ඉන්න මිනිස්සු හොඳ කල්පනාවෙන් ඡන්දය පාවිච්චි කරන්න. අනෙක් සංවිධායකවරුන්ගේ නම් පාවිච්චි කරමින් මෙහි ප්‍රධාන සංවිධායකත්වය බොහොම පහත් විදිහට හැසිරුණේ.

දමිතා අබේරත්න කීවාය. දෙරණ රූපවාහිනිය සිද්ධිය මෙසේ වාර්තා කර තිබිණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවරඑළිය පොලොවෙන් ඇල දොල වලින් හිටිවනම පෙණ නැගෙයි….

Next Post

පොලිස් කොමිසම විසින් විශ්‍රාමික ශානි අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස යළි කැඳවයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.