වෘත්තීය ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් දිවයිනපුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතූ මුළුමනින්ම බිදවැටී ඇතැයි හෙද සංගම් චෝදනා කරනු ලබයි.
රෝහල්වල අද (01) ආරම්භ වූ හෙද වැඩ වර්ජනය පැය 48ක් පුරා ක්‍රියාත්මක වන අතරම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිසි ප්‍රතිචරයන් නොදැක්වුවහොත් එළඹෙන දිනයකදි නැවතත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භකරනබවත්, රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු සහ කොවිඩ් ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා හෙද හෙදියන් කණ්ඩායම් රෝහල්වල අනුයුක්ත කර ඇති බවත් සමස්ත ලංකා හෙද සංගමයේ ලේකම් එස් මැදිවත්ත පවසයි.
කෙසේ නමුත් වැඩ වර්ජණය හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ සහ ප්‍රතිකාර සහ සායන කටයුතු මුළුමනින්ම බිඳවැටීම හේතුවෙන්රෝගීහු දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි අප කළ විමසුම්දී රෝහල් ප්‍රධානීහු පැවසූහ.
මේ වන විට රෝහල්වලට ඇතුලු කර ගන්නා රෝගීන්ට කරනුලබ පීසීආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවන්ද නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රෝගීන්ව රෝහලවෙත ඇතුලු කර ගැනීමටත් සැත්කම් සඳහා යොමු කිරීමටත් නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි සදහන්වේ.