අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්‍රාම ගියත් ශානි අබේසේකරට ජීවිත තර්ජන ඇති බව ඉම්තියාස් බකීර් මාකාර් කියයි

by Lanka Sara Editor
ජූලි 1, 2021
in පුවත්
Imitiaz bakir markar
Share on FacebookShare on Twitter

වසර 35ක සේවා කාලයකට පසු විශ්‍රාම ගිය ශානි අබේසේකර මහතාට ජීවිත තර්ජන තිබෙන බවට ආරංචි වී ඇති බවත් අවංක නිළධාරින්ට එසේ වීම ගැන කණගාටුව පලකරන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පවසයි.

විපක්ෂනායක කාර්යාලයේ අද (01) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා වැඩිදුරටත් මේ අදහස් පළ කළේය.

රටේ අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කරන්න කැප වුනු වසර 35ක සේවා කාලයකට පසු විශ්‍රාම ගිය ශානි අබේසේකර මහතාට මේ අවස්ථාවේ සුභ පතනවා. නමුත් එතුමාට ජීවිත තර්ජන තිබෙන බවට ආරංචි වෙනවා අවංක නිළධාරින්ට එසේ වීම ගැන කණගාටුව පල කරනවා.

සමගි ජන බලවේග යනු අලුත් දේශපාලන ව්‍යාපාරයක් එය සාම්ප්‍රදායික විපක්ෂයක් නොව එහි තේමාව ජනතාවාදී විපක්ෂය අපේ පක්ෂය තුල පටු දේශපාලන අරමුණු නැහැ පලමුව රට පලමුව ජාතිය යන හෑගීම පක්ෂය තුල තිබෙනවා රටක් විදියට අපි ඉදිරිපිට තිබෙන පිංතූරය රෝසමල් නොවේ .රටක් ජාතියක් විදියට කටුක අභියෝග රැසකට මුහුණ දෙන්න තිබෙනවා .

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවේදී ආචාර්ය හර්ෂ ද සිල්වා මෙම ස්ථානයේ ආර්ථිකය ගැන පැහැදිලි විග්‍රහයක් කරා එහිදී අමාත්‍ය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශයත් උපුටා දැක්වූ වා එහිදී කියා තිබුණා තෙල් මිල වැඩි කලේ නැත්නම් බැංකු පද්දතිය කඩා වැටෙනවා කියලා එම ප්‍රකාශය රටේ අනාගතයට රතු එළියක් එම ප්‍රකාශය ක⁣ළේ කැබිනට් අමාත්‍යවරයෙක් රටේ නිවැරැදි ආර්ථික කළමනාකරණයක් නැහැ .හෙට සමගි ජන බලවේග ආණ්ඩුවක් ආවත් විශාල අභියොගයක් තිබෙනවා නමුත් ජනතාවට ඇත්ත ප්‍රකාශ කළ යුතුයි .ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කර ආකාරයට සතිපතා මහ බැංකු වාර්තාවේ විදේශ ඩොලර් සංචිත ප්‍රමාණය ඉදිරිපත් කර නැහැ එය වැරදි ක්‍රියාවක් .මේ අවස්ථාවේ ප්‍රධාන විපක්ෂය විදියට අපි කටයුතු කරන්නේ අවබෝධයෙන් පක්ෂයේ ආරම්භයේ සිටම දක්ෂ විශේෂඥයින්ගේ අදහස් යෝජනා දැනුම අපි ලබා ගත්තා අද රට මුහුණ දෙන ප්‍රශ්න වලට සමගි ජන බලවේගය විකල්ප සොයනවා අපි එය ගැඹුරු ලෙස අවබෝධ කරගෙන තිබෙනවා පසුගිය දිනවල ඒ වෙනුවෙන් විශේෂ වැඩමුළු පක්ෂය විසින් පැවැත්වූවා රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ජනතාවාදී විපක්ෂය විදියට කරට ගෙන ක්‍රියා කරනවා ඒ තුලින් පටු දේශපාලන අරමුණු වලට යන්නේ නැහැ .

ආණ්ඩුව බැසිල් ගම්මන්පිල නාටක පෙන්වනවා එය ජනතාව මුලා කිරීමක් එසේ කරන්න එපා ඊලග ජනාධිපති බැසිල් ද නාමල් කියා ප්‍රශ්න මතුවෙලා ජනතාවගේ ප්‍රශ්න අමතක කරමින් සිටිනවා රටක් විදියට තිබෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න රජයට බැහැ .රැකියා අහිමි වෙලා මිනිස්සුගේ ලග සල්ලි නැහැ බැංකු ණය ගෙවාගන්න විදියක් නැහැ අපි දුටුවා උකස් මධ්‍යස්ථාන වල විශාල පෝලිම් සිටිනවා .

ගිය ආණ්ඩුවේ ක්‍රියා ලෙස හම්බන්තොට වරාය ගුවන් තොටුපළ නෙළුම් කුළුණ රටට බරක් වෙලා විදේශ සංචිත ප්‍රමාණය පහත වැටිලා මිලියන ගනන් වලින් මුදල් අච්චු ගහනවා සම්පූර්ණ බංකොලොත් ආර්ථිකයක් රටතුළ නිර්මාණය වෙලා බංග්ලාදේශයෙන් ණය ඉල්ලන් හිගමනේ යනවා .
කෝවිඩ් වලට ලෝකයේ අනිත් රටවල් සාර්ථකව මුහුණ දෙනවා එහිදී නිවැරැදි කළමනාකරණයන් අපි දකිනවා අපේ රටේ එය දකින්නේ නැහැ මුහුණ දෙන අභයෝග මදිවට ආණ්ඩුව තවත් ප්‍රශ්න දාගෙන මේ වනවිට යුරෝපා පාර්ලිමේන්තුවේ අපිට සම්බාධක දමන්න කටයුතු කරමින් යනවා එහිදී ප්‍රධාන චෝදනා විදියට අධිකරණය ,නීතයේ ස්වාධීනත්වය හමුදා කරණය යන කරුණු එහි ඇතුලත් වෙනවා අමතරව ත්‍රස්තවාදී පනත තුලින් දේශපාලන පලිගැනීම් සිදු කිරීම දූෂිත චෝදනා සහිත සිරකරුවන් නිදහස් කිරීම මේ හේතු නිසා ජීඑස්පී සහනය අත්හිටුවීම නිර්දේශ කරලා මේ රටේ අපනයනය 30% යන්නේ යුරෝපයට එහිදී ජීඑස්පී සහනය නොලැබීම රටට විශාල හානියක් .එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකාව කැනඩාව වැනි රටවල් පාර්ලිමේන්තුවේ අපේ රට හෑල්ලුවට ලක්වෙලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවෙයි ආර්ථිකයත් බංකොලොත් වෙලා ජනතා ප්‍රශ්න වලට විසදුම් නැහැ
ජනතාවාදී විපක්ෂය විදියට මේ වෙනුවෙන් පෙනී සිටිනවා .

ඉදිරියට ආර්ථිකය ගොඩ ගැනීම පහසු වෙන්නේ නැහැ මේ රජයේ විදේශ ප්‍රතිපත්ති හා ගජමිතුරු වාදය නිසා ලෝකය අපිව කොන් කරලා ලෝකය අපිව විශ්වාස කරන්නේ නැහැ ලෝකයේ රටවල් අපේ ණය ප්‍රතික්ෂේප කරනවා .
මෙයට මුහුණ දියහැකි දක්ෂ කණ්ඩායමක් විපක්ෂය තුල සිටිනවා ජනතාවාදී විපක්ෂය විදියට එයට මුහුණ දෙන්න කටයුතු කරනවා .

නිදහසේන පසුව ජපානයට දෙවැනි වුනු රටක් අද අපි පහු කරන්න තවත් රටක් නැති තත්ත්වයට පත්වෙලා

විපක්ෂනායක වරයා කෝවිඩ් අවධානම ගැන මුලින් ප්‍රකාශ කරද්දි එතුමාට අවලාද නැගුවා ඒ සියල්ල අද සත්‍ය වෙලා එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරන්න විශාල විප්ලවයක් කරා ඒ අකාරයට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කරනවා .එතුමා වටා දක්ෂ පිරිසක් සිටිනවා . මේ ආණ්ඩුවට ප්‍රශ්න වලට උත්තර නැති නිසා මර්දනය කරන්න උත්සාහ කරනවා”

Tags: නවතම
Share69Tweet43
Previous Post

STF කණ්ඩායම් 05ට සොයාගත නොහැකිවූ වධක කපුවා පොලිසියට භාර වේ

Next Post

හෙද වෘත්තීය අරගලයෙන් රෝහල් කටයුතු අඩාලයි… අමාත්‍යාංශය නිහඬයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.