“රට විනාශයි-එන්න රැකගමු” මැයෙන් හෙට(15) සමගි ජනබලවේගය විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතාවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අතර මේ වන විට පැවැත්වේ.
මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, ඉම්තියාස් බාකීර් මාකර්, හරින් ප්‍රනාන්දු , හර්ෂ ද සිල්වා, වික්‍රමරත්න, මනුෂ නානායක්කාර, එස් එම් මරික්කාර් , නලින් බණ්ඩාර, මයන්ත දිසානායක, මුජබර් රහුමාන් , හෙක්ටර් අප්පුහාමි, ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටී.
හෙට දිනයේ රටපුරා විසිරී සිටින විශාල ජනකායක් ඊට සහභාගි වීමට නියමිත බව දැනගන්නට ඇත.







