හෙට දිනය තුළ කිසිම ගැටලුවක් නොවන සේ රජයේ පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යන බව රජය නිවේදනය කරයි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පවන්සේ ප්‍රමාණවත් ලෙස ලංගම බස් ධාවනය වන බවත් පවතින සීම ලංගම සේවාවන් කෙරෙහි බලනොපන බවත්ය.
එමෙන්ම හෙට දිනයේ දුම්රිය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කිසිම වෙනසකින් තොරව සාමාන්‍ය කාලසටහන පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.