‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.
හෙට පස්වරු 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවත් හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ තමන් සහභාගී නොවන බව ලිඛිතව දන්වා ඇති අතර අනුර කුමාර දිසානායක සිය සහභාගිත්වය තහවුරු කර නැති බව ද රෝහණ හෙට්ටිආරච්චි කියයි.
අනුර දිසානායකට තවමත් ඉඩකඩ ඇති බවත් ඔහු පිලිබඳව බලාපොරොත්තුසහගතව සිටින බවත් රෝහණ හෙට්ටිආරච්චි කියයි.







