බදාදා දිනයේදී විදුලිය කප්පාදුව පැය හතර හමාරක් ඉක්මවිය විය හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නයක මහතා පවසයි. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැය හතක විදුලිය කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලා තිබුණද යම් තරමක ඉන්ධන ප්‍රමාණයක් විදුලි බලාගාරවලට ලැබීමට නියමිත බැවින් මෙම කප්පාදුව පැහය හතර හමාරකට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමකට ලක් වනු ඇති බව කණගාටුවෙන් වුවද දන්වන බව සභාපතිවරයා අද සවස පැවසීය
පවතින ප්‍රශ්නයට හේතුව බලගාර ධාවනයට අවශ්‍ය ඉනධන නිසි වෙලාවට නොලැබීම වන අතර මේ තත්ත්වය නිසා අද දිනයේදී මෙගවොට් 700ක් ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී ඇති බව සඳහන් කළ ජනක රත්නායක මහතා මේ අනුව හෙට දිනයේ විදුලිය කප්පාදුව කරන බව සඳහන් කළේය. හෙට උදේ 8.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ කලාප අනුව උදේ පැය පැය දෙකකුත් රෑ පැය දෙකයි විනාඩි 40කුත් වදුලිය කපා හැරෙන අතර හෙට දිනයේදී ඉන්ධන ලැබුණෙහොත් අනිද්දා විදුලිය කැපීමේ කාලය අඩු කර ගත හැකි වනු ඇති බව සඳහන් කළේය.
දිගින් දිගටම අදාළ ආයතනවලට අනතුරු ඇඟවීම් කළද ඒ පිළිබඳව නොසලකා හැරීම මත අර්බුදය උග්‍රවී ඇති බවත් හෙට දිනයේදී උසස් පෙළ විභාගය ලියන සිසුන්ට මේ විදුලිය කප්පාදුවෙන් අසාධාරණයක් සිදුවන බව තමන් පිළිගන්නා බවත් ඔහු එහිදී පැවසීය.