යුක්රේන – රුසියා අර්බුදය හමුවේ ලෝක වෙළඳපොලේ තෙල් මිළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
අද දිනය ආරම්භයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 98 ක් දක්වා වැඩි වී තිබේ. එය වසර 07 කට පසුව වාර්තාවූ ඉහළම බොරතෙල් මිලය.
සවුදි අරාබියට පසු ලොව දෙචන විශාලතම බොරතෙල් අපනයනකරු වන්නේ රුසියාවය.
එමෙන්ම ලොව විශාලතම ස්වභාවික වායු නිෂ්පාදකයා වන්නේද රුසියාවය.
ඔවුන්ට එරෙහිව බටහිර රටවල් විසින් සම්බාධක පැණවීමක් සිදුකලහොත් බොරතෙල් සහ ස්වභාවික වායු මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබිණි.
මේ තත්වය අපේ රටට බලපානු ලබන ආකාරය සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී සංවාදයට ලක් විය.
හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සභාවාරය අමතමින් මේ තත්වය පැහැදිලි කළේය.
“දැන් රුසියාවේ LNG අරගන්නේ නැත්නම් විශේෂයෙන් යුරෝපයේ කටාර් වල LNG යවන්න වෙනවා යුරෝපෙට. එතකොට, මෙහාට LNG අඩු වෙනවා. ආපහු LNG මිලත් වැඩි වෙනවා. අපේ ආර්ථිකයට විශාල ප්‍රශ්නයක් වෙලා තියන්නේ. මේ තත්වය ගැන මුදල් අමත්‍යවරයා හෙට පැවැත්වීමට නියමිත විවාදයට පෙර ප්‍රකාශයක් කරන්නේ නම් එය අතිශයින් වැදගත්…“
“විශේෂයෙන්ම විදේශ අමාත්‍යංශයේ කොටස විදේශ ඇමතිතුමා කරයි. එත්, මේ පිලිබඳ ආර්ථිකයට බලපාන එක හෙට උදෙන්ම පුලුවන්නම් ඇමතිතුමාට ඇවිල්ල වාර්තාවක් කරන්න. එතකොට මීට වඩා හොඳට අපට පුළුවන්, මේ විවාදය ඉදිරියට ගෙනියන්න. මම විශේෂයෙන්ම අපේ සභානායක තුමාට කියනවා, එක ඉල්ලීමක් තියනවා.“
තෙල් නැව් 3 අපි මිල දීල අරගෙන තියන්නේ පරණ මිලට, කොහොම හරි ඒවාට ගෙවන්න. ඊළඟ සැරේ එනකොට අලුත් මිලට එන්නේ. ඒ නැවු 3 ට කොහොම හරි ගෙවලා දාමු . කොහෙන් හරි හොයාගෙන, මන් දන්නේ නෑ, කොහෙන්ද? හොයන්නේ කියලා . අපි තවත් අරගෙන තියනවා පරණ මිලට, අපි ඒවා කොහොම හරි ගෙවල දාමු, ඊට පස්සේ අනිත් ඒවා ගැන බලමු”
හිටපු අගමැතිවරයා කීවේ එසේය.