බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හුරු පුරුදු පිටපතටම පොලිසියෙන් මරා දැමූ කොස්ගොඩ තාරක කවුද?   

by editor
මැයි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර නිලේකා ජුවලරිය  කොල්ලකන්නට ගොස් පොලිස් වෙඩි පහරකින් ජීවිතය ගලවාගෙන බන්ධනාගාරයේ   සිටි කොස්ගොඩ තාරක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගන්නේ මෙයට මාස නවයකට පමණ පෙරය. ඒ විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් හෝමාගම පිටිපනින් අල්ලාගත් ගිනි අවි තොගයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කරන්ටය.

දකුණ හොල්ලාගෙන සිටි පාතාල අපරාධකරුවෙක් වූ කොස්ගොඩ තාරක කරලියට එන්නේ  කොල්ලකරුවෙක් ලෙසිණි. මුල්ම කොල්ලය වෑන් රථයකි. රියදුරට පහරදී කළ එම වෑන් රථ කොල්ලයට ඔහු සම්බන්ධවන්නේ පාසල් යන වියේදීය. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාරගතවන ඔහු අපරාධ ලෝකයේ උපාධිය ලබාගන්නේ බන්ධනාගාරයේදීය.

අනතුරුව ඔහු හිරේදී හඳුනාගත් පාතාලයට සම්බන්ධ පිරිසක් සමග එක්ව රන්භාණ්ඩ අලෙවිසල් සහ බැංකු කොල්කන්නට ගත්තේය. පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රහාරයකින් අතුරුගිරිය පැත්තේදි මරුමුවට පත්වූ හබරකඩ වසන්ත ඔහුගේ ගුරුන්නාන්සේය. හෝමාගම සහ නුගේගොඩ පැත්තේ කරක් ගසමින්  කොල්ලකෑම්වල නිරතව සිටි කොස්ගොඩ තාරක අවධානයට යොමුවන චරිතයක් බවට පත්වන්නේ 2017 වසරේදී පිළියන්දල පුද්ගලික බැංකුවක් කොල්ලකෑමට පැමිණ එහි ආරක්ෂක නිලධාරීයාව ඝාතනය කිරීමත් සමගිනි. ඒ ඔහුගේ නම ඉදිරියේ ලියැවෙන පළමු මිනිස් ඝාතනයයි.

එතැන් සිට කොස්ගොඩ තාරක නමගිය අපරාධකරුවෙක් බවට පත්වන්නේ ආරක්ෂක අංශයක ඔත්තුකරුවෙක්  බවටද පත්වෙමිනි. එම ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව කොස්ගොඩ තාරක වැඩ පෙන්නුවේ පොලීසියටද කට්ටි පනිමිනි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අවසන් කොල්ලය

තාරකගේ නම ඉදිරියේ ලියැවෙන අවසන් කොල්ලය වන්නේ මාතර නිලේකා ජුවලරි කොල්ලයයි. එදා පොලිස් නිලධාරියෙක්ද තාරකගේ කල්ලියේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. ඒ එම කොල්ලය වලක්වන්නට ගොසිනි. රුපියල් කෝටි 20කට අධික රන් භාණ්ඩ කොල්ලකෑමට සූදානමින් කළ එම කොල්ලයට හබරකට වසන්ත ඇතුළු පිරිසක්ම සම්බන්ධව සිටියේය. කොල්ලය වැරදෙන්නේ පොලීසිය ඒතැනට කඩා පැනීම නිසාය. එදා පොලීසියට වෙඩි තැබූ තාරකගේ ගෝලයෙක් ආයුධ පෙන්වන්නට ගොස් මාතර කිරල කැලේදී මරුමුවට පත්වන්නේ පොලීසියෙන් වෙඩි කාය.

එදා නිලේකා ජුවලරි කොල්ලය වළක්වන්නට පොලීසිය තැබූ වෙඩිල්ලක් තාරකටද වැදී තිබුණේය. තාරක වෙඩි කාගෙනම සිය සගයන් සමග පැන ගත්තේය. ගෝලබාලයෝ තාරකව ගාල්ල කරාපිටිය රෝහල අසලින් අතහැර යන්නේ තවදුරටත් ඔහුව රැගෙන යාම අනාරක්ෂිත වූ බැවිණි. අවසානයේදී රෝහල්ගත කෙරුණු තාරක සිය ජීවිතය බේරා ගන්නට සමත්වූයේ පොලීසිය ඔහු පසුපස පන්නමින් සිටියදීය.

බුද්ධි වාර්තාව

ටික කාලයක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තාරක බන්ධනාගාර ගත කෙරන්නේ අගුණුකොල පැලැස්සේය. එහි සිට මාතර නිලේකා නඩුවටත් වෙනත් නඩුවලටත් ඔහුව බන්ධනාගාරයේ සිට රැගෙන එන විටත් නැවත රැගෙන යන විටත් පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් ලබාදුන්නේය. ඒ ඔහුගේ ජීවිතයට අනතුරක් කරන්නට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සැදී පැහැදී සිටින බවට බුද්ධි අංශ වාර්තාවක් නිකුත් ව තිබුණු බැවිණි. පසුකාලයේ හෙළිවන්නේ එම වාර්තාව තාරකගෙන් වැඩ ගත් නිලධාරීන් පිරිසකගේම සැළසුමකට අනුව තාරකට ප්‍රභූ ආරක්ෂාවක් ලබාදීමට ඒ ආකාරයේ බුද්ධි වාර්තාවක් නිකුත්කරන්නට වග බලාගෙන තිබුණු බවය. ‍

එය එතැනින් හමාර වන්නේ නැත. අගුණුකොල පැලැස්සේ සිට තාරකට නිදහසේ ජංගම දුරකතන භාවිතා කරමින් පාතාල අපරාධවල නිරතවන්නට බැරිනිසා ඔහුව කොළඹට ගෙන එන්නට ඒ අය සැළසුම් කළේය. ඒ අනුව තවත් බුද්ධි වාර්තාවක් එතැනින්ම නිකුත්වන්නේ අඟුණකොලපැලැස්සේ සිට තාරකව කොළඹ අධිකරණයට ඉදිරිපත්කරන්නට ගෙන එන අවස්ථාවකදී ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ලකර ඔහුව ඝාතනය කරන්නට සූදානමක් ඇතැයි කියමිනි. මේ කණ්ඩායම ඒ ව්‍යාජ තොරතුර මාධ්‍යයේ පවා පලකරන්නට වග බලාගත්තේය. ඒ සියල්ලක්ම සිදුවන්නේ සැලසුම් සහගතවය. අවසානයේදී තාරක වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවේය.

තාරක වැලිකඩ   සිට   සිය ගෝලබාලයින් යොදා මත්කුඩු ජාවාරමට අත තැබුවේය. කිලෝ සිය ගණන් එකවර මත්ද්‍රව්‍ය රැගෙන එන්නට ගත්තේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද හිරේ ලගින්නේද කොස්ගොඩ තාරකගේ මත්කුඩු තොගයක් හේතුවෙනි.

තාරක මත්කුඩු ජාවාරම පමණක් නොව, ගිනි අවි ජාවාරමකද නිරතව සිටියේය. ඔහුට ගිනි අවි ලැබුනේ හමුදාවෙනි. හමුදාවේ දූෂිත නිලධාරීන්ගෙන් ලැබෙන ගිනි අවි ඔහු රැස්කළේය. ඒ පිටිපස්සේද බුද්ධි අංශයේ නිලධාරීන් කිහිප දෙනෙක් සිටියේය. එම අවි පාතාලයට ගියේය.

කුණු මාධ්‍යකණ්ඩායම හා බුද්ධි අංශ විරසකය

යම් සිදුවීමක් හේතුවෙන් මෙම බුද්ධි අංශයේ නිලධාරීන් සහ ඒ අයගේ සෑම කුණු කන්දලක්ම පලකරන මාධ්‍ය කණ්ඩායමක් අතර හිත්අමනාපයක් ඇතිවන්නේ මෑතකදීය. කොස්ගොඩ තාරකගේ ඇතැම් ගේම්වලට දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ මාධ්‍ය කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන්ද සම්බන්ධව සිටියේය. ඒ බව දැන සිටි බුද්ධි අංශ නිලධාරීන් එම මාධ්‍ය කණ්ඩායමට ගේමක් කැරකැව්වේය. හෝමාගම පිටිපන පිහිටි ව්‍යාපාරික ස්ථානයකින් ගිනි අවි තොගයක් හමුවන්නේ ඒ අනුවය.

එම ගිනි අවි සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන භාරවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යවේදියෙක්ද අත්අඩංගුවට ගත්තේය. ඒ දඹුල්ල පැත්තේ සිට එම ගිනි අවි ප්‍රවාහනය කිරීමට සම්බන්ධ වූ බව කියමිනි. අදටත් ඒ මාධ්‍යවේදියා  සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේය.

එය එතැනින් හමාර වන්නේ නැත. හමුදා කඳවුරකින් මේ ගිනි අවි පන්නා ඇති බවත් සිය ගණනක් ගිනි අවි එසේ තාරකගේ කල්ලිය අතට පත්ව ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගත්තේය. ඊට සම්බන්ධ හමුදාවේ කිහිප දෙනෙක්ද ගිනි අවි සැඟවීමට උදව් දුන් පොලිස් නිලධාරියෙක්ද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරියෙක්ද ඇතුළු සහ දහ පහළොස් දෙනෙක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නේ ගිනි අවි 40 වැඩි ප්‍රමාණයක් සොයා ගනිමිනි.

තාරක සී.අයි.ඩී. භාරයට

ඒ වන විට කොස්ගොඩ තාරක සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අවි ජාවාරම ගැන අධිකරණයට කරුණු කියා තාරකව සිය භාරයට ගත්තේය. ඒ වසරකට පමණ පෙරය. ඒ සඳහා ආරක්ෂක ලේකම්වරයාගෙන් රඳවා ගැනීමේ නියෝගයක්ද ලබාගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී ඔහුට කොවිඩ් වෛරසයද ආසාදනය විය.

මෙතරම් කාලයක් ඔහුව රඳවාගෙන සිටියත් ඔහුගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් සොයා ගන්නේ ටී 56 අවි දෙකක් පමණි.  මෙවන් තත්වයක් හමුවේ ඉකුත් 12 වෙනිදා උදෑසන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධික්ෂණයෙන් ක්‍රියාත්මකවන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමත් භාරයට කොස්ගොඩ තාරකව පත්කරන්නේ තාරක සම්බන්ධයෙන් ඔවුන්ට ලැබී ඇතැයි කියනු ලබන තොරතුරක් විමර්ශනය කිරීමටය.

තාරකගේ මවගේ ඉව

ඒ සමගම කොස්ගොඩ තාරකගේ මව හතර වටේ දුවන්නට ගන්නේ සිය පුතාගේ අවසානය එදින රාත්‍රියේ සිදුවන බව අවබෝධයෙනි.   පොලිස් වෙඩිල්ලකින් තාරකගේ ඉරණම  විසඳෙන බවට තොරතුරු ඇයට පොලීසිය ඇතුළෙන්ම ලැබී තිබිණි.

ඇය දේශපාලන හිතවත්කම් ඇති තැනැත්තියකි. ඉකුත් පලාත් පාලන මැතිවරණයේදී ඇය ඡන්දය ඉල්ලන්නටද සූදානමින් සිටියාය. තාරක කොල්ලකමින් මත්කුඩු අලෙවිකරමින් උපයාගත් මුදල් සියල්ලක්ම පාහේ දුන්නේ මවටය. තාරකට අපරාධ ලෝකයේ ශක්තියක් වූයේ ඇගේ මව බව කියති. පළාත් පාලන මැතිවරණයේදී ඇගේ තැනට තරග කළ කිහිප දෙනෙක්ම තාරක පරලොවද යැව්වේය. ඇයට එම මැතිවරණයේදී චිට් එක අහිමි වන්නේ ඒ නිසාමය. නැතිනම් අද ඇය බලපිටියේ මන්ත්‍රීවරියකි.

ඇයට ඒ බලය ලැබෙන්නේ ඒ පැත්තේ ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයට  මුදලින් මෙන්ම සිය පුතාගේ පාතාල හයියෙන් කළ උදව් උපකාරවලට කෘතගුණ සැලකීමක් ලෙසිනි. පාර්ලිමේන්තුව නියෝජනය කළත් අද ඒ දේශපාලනඥයාගේ තටු හැලී සිටින බැවින් ඒ අයට බලයක් නැත.

බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශ භාරයට තාරකව පත්කිරීමත් සමග ඔහුගේ මව රටේම මාධ්‍ය ආයතනවලට කථා කළාය. සිය පුතාව මරා දැමීමට පොලීසියේ සූදානමක් ඇතැයි කීවාය. ඇය එතැනින් නැවතුනේ නැත. මානව හිමිකම් කොමිසමටත් පොලිස්පතිවරයාටත් නීතිපතිවරයාටත් සිය පුතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලිපි ලියුවාය. ඒ පුතාගේ ජීවිතයට තර්ජන ඇතැයි සඳහන් කරමිනි.

පොලිස් ගොං කතා

කෙසේ වෙතත්  බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසභාරයට පත්ව පැය කිහිපයක් යන්නට මත්තෙන් කොස්ගොඩ තාරකගෙන් ටී 56 අවි රැසක් සඟවා ඇති තැනක් ගැන කරුණු හෙළිවූ බව පොලීසිය කියයි. ඒ අනුව කොස්ගොඩ සුසාන භූමියක සොහොනක සඟවා තිබී ටී 56 අවි 04 ක් සොයාගත්තේ යැයිද පොලීසිය සඳහන් කරයි. විශේෂත්වයක් වන්නේ වසරක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි ඔහුගෙන් ටී 56 අවි දෙකක් පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයා ගන්නා විට බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැය කිහිපයක් තුළ ඔහුගෙන් ටී 56 අවි  04 ක්ම සොයා ගැනීමය.

එය එතැනින් හමාර වන්නේ නැත. ස්නයිෆර් අවියක් සඟවා ඇති තැනක් ගැනද ඔහු හෙළිකර ඇති බව කියයි. ඒ අනුව කොස්ගොඩ සිට ඔහුව රැගෙන යන්නේ මීරිගමටය. එහිදී කොස්ගොඩ තාරක අද අළුයම මරුමුවට පත්වන්නේ පොලීසියේ වෙඩිල්ලකිනි. එම අවස්ථාවේදී එම කණ්ඩායමේ සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් වන පතිරාජසූරියට තුවාල වූ බව පොලීසිය කියති.

කෙසේ වෙතත් මෙරට තවත් පාතාල අපරාධකරුවෙකු අවසානය සිදුවන්නේ මේ ආකාරයටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධාරාණිපාත වර්ෂාවට හේතුව අරාබි මුහුදු ප්‍රදේශයේ  කැළඹීමක්…..

Next Post

රුසියාව සහ චීනය තමන්ගේ මිනිසුන්ට කලින් දියුණු වෙන රටවලට එන්නත දෙන්නේ ඇයි?

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.