බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රුසියාව සහ චීනය තමන්ගේ මිනිසුන්ට කලින් දියුණු වෙන රටවලට එන්නත දෙන්නේ ඇයි?

by Lanka Sara Editor
මැයි 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාව සහ චීනය තම රටවල නිෂ්පාදිත එන්නත් ඔවුන්ගේ රටේ ජනතාවට ලබා දීමට මත්තෙන් දියුණු වෙමින් පවතින රටවල ජනතාවට ලබා දීම පිළිබඳව බටහිර ලෝකයේ ආන්දොලනයක් නිර්මාණය වී තිබේ. මෙම එන්නත තමන්ගේ රටේ ජනතාවට ලබා දීමට තිබියදී එසේ ඒ නොතකා වෙනත් රටල් වෙත යවන්නේ යම් අත්හදාබැලීමකටද යන්න පිළිබඳ ව බටහිර මාධ්‍ය තුළ ප්‍රශ්න කෙරෙයි.

ඊයේ මේ පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කළ ඇමෙරිකානු සී.එන්.එන් පුවත් සේවය පවසන තවත් කරුණක් වන්නේ මෙම එන්නතේ ද උපත රුසියාවේ වුවද මේ වනවිට ලෝකය පුරා බෙදා හරින ස්පුට්නික් එන්නත් බෙදා හැරෙන්නේ මේඩ් ඉන් චයිනා(Made in China) ලේබලය යටතේ බවය. එයට හේතුව රුසියාව මෙම ඖෂධයේ නිෂ්පාදන අයිතිය චීන ඖෂධ නිෂ්පාදකයන් තිදෙනකුට ලබා දීමය.

එම වාර්තාවට අනුව පසුගිය මාස කිහිපය තුළ එන්නත් නිෂ්පාදකයන් රුසියානු ස්පුට්නික් එන්නතේ මාත්‍රා මිලියන 260ක් පමණ නිපදවා ඇති අතර ලෝකයේ රටවල් 60කට පමණ එම එන්නත් බෙදා හැර ඇත. විශේෂයෙන් මෙක්සිකෝව ආජන්ටිනාව වැනි ලතින් ඇමෙරිකානු රටවලටත් එසේම ඉන්දියාව වැනි රටවලටත් එම එන්නත් ලැබෙයි.

සී.එන්.එන් වාර්තාව පෙන්වා දන්නේ මෙම නිෂ්පාදන රටාවෙන් චීනය සහ රුසියාව අතර ප්වතින බැඳීම පෙන්නුම් කරන බවය.
අනෙක අතින් බටහිර රටවල් තම ජනතාව එන්නත්කරණයට මූලකි අවධානයක් යොමු කරවන අතරේ රුසියාවත් චීනයත් බටහිර රටවල පවතින ආත්මාර්ථකාමීත්වය ඉස්මතු කරමින් මෙම රටවල් තමන් කෙරෙහි නම්මවා ගැනීමේ සූක්ෂම මෙහෙයුමක් මේ සමඟ දියත් වන බවද ඇතැම් විචාරකයෝ සඳහන් කරති. ඔවුන් පවසන්නේ මේ වනවිට බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය සහ කැනඩාව වැනි රටවල් එන්නත්කරණයට ලක් කළ යුතු ජනගහණයට සාපේක්ෂව තුන් ගුණයක පමණ එන්නත් තොගයක් රැස්කරගෙන සිටින බවයි. එවැනි පසුබිමක් තුළ එන්නත් ලබා ගැනීමේ දුෂ්කරතාවෙන් පෙළෙන තුන්වැනි ලෝකයේ දිළිඳු රටවලට තම රටේ අවශ්‍යතා පරිදි එන්නත් ලබා ගැනිමට පිහිට එන්නේ රුසියාව සහ චීනයයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කොවිඩ් වසංගතය සහ එන්නත් අර්බුදය තම රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාප්තවාදයන් සඳහා ඉතා සූක්ෂම ලෙස භාවිත කිරීමට චීනය මෙන්ම රුසියාවද කටයුතු කරන බවට ඇමෙරිකාවේ වර්ජිනියා කොමන්වෙල්ත් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජුඩිත් ට්විග් මහතා සී.එන්.එන් සමඟ පවසා ඇත.
කොවිඩ් වසංගතයට එරෙහිව ඇරඹුණු එන්නත් සටනේ දී මුලින්ම සාර්ථක එන්නතක් තමන් නිපදවූ බවට ලෝකය හමුවේ ප්‍රකාශ කළේ රුසියාවයි. මෙම එන්නත තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය තම කොවැක්ස් එන්නත්කරණ පහසුකම යටතේ සැපයීම සඳහා අනුමැතිය ලබා දී නොමැත.
එසේ වුවද පසුගියදා චීනයේ නිෂ්පාදිත සයිනෝපාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමිවිණ.

කොවිඩ් එන්නතේ දේශපාලනය
මේ වනවිට කොවිඩ් එන්නත හරහා ලෝකය තුළ විවිධ වු රාජ්‍ය තාන්ත්‍රික සීතල යුද්ධයන් ආරම්භ වී තිබේ. ඊට විශේෂයෙන්ම මැදිවන රටවල් දෙකක් වන්නේ චිනය සහ රුසියාවයි.

පසුගිය දිනවල චීනයේ සයිනෝපාම් එන්නතට අදාළව මෙරට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉල්ලු විද්‍යාත්මක වාර්තා ලබා නොදීම මත එය මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වහා ඉවත් කිරීමට රජයේ දේශපාලන අධිකාරිය පියවර ගත්තේය. එය පසුපස පැහදිළිවම එන්නත පසුපස තිබූ රාජ්‍ය තාන්ත්‍රික බලපරාක්‍රමය හේතුවක් විය. බටහිර විද්වතුන් චෝදනා කරන්නේ රුසියාව සහ චීනය තදින්ම තම රටවලට එරෙහිව ලෝකයේ අඩු ආදායම් ලබන රටවල් පෙළ ගැස්වීමට මෙම එන්නත් අවි බවට පත් කර ගත් බවය.

“රුසියාව සහ චීනය ෆයිසර් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්වලට එරෙහිව විශාල ප්‍රචාරයක් ගෙන ගියා. මෙම එන්නත්වල අතුරු ආබාධ ඇතිවන බව ඔවුන් මාධ්‍ය හරහා ඉස්මතු කොට පෙන්නුවා.“ ඇමෙරිකානු මහාචාර්ය ජුඩිත් ට්විග් පවසයි.

බොහෝ දෙනකු පවසන්නේ රුසියාව සහ චීනය තරඟයට මෙන් මෙම එන්නත් දියුණු වෙමින් පවතින රටවල්වලට ලබා දෙන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාප්තවාදය වෙනුවෙන් බවය. එසේම මෙම එන්නත්වල සාර්ථක අසාර්ථක භාවය පරීක්සා කිරීමේ ජන සමූහයක් ලෙස ඔවුන් මෙම රටවල ජනතාව පාවිච්චි කරන්නේද යන අදහසද ඇතැම් විද්වත්හු ඉදිරිපත් කරති.

බොහෝ රටවල් තම ජනතාවට එන්නත් ලබා දීමට අවශ්‍ය තරමට එන්නත් ලබා ගැනීම දුෂ්කර වූ පසුබිමක ඔවුන්ට පවතින විකල්ප දෙක වන්නේ සයිනෝපාම්, සයිනෝ වැක්ස් නම් චින එන්නත් දෙක සහ රුසියානු ස්පුට්නික් එන්නතයි.

චීනය තම රටත් සමඟ දේශපාලනිකව සුහදව සිටින ඔවුන්ගේ වන් බෙල්ට් වන් රෝඩ් දැක්මට සමපාත වන රටවලට අවශය එන්නත් තොගයෙන් කොටසක් නොමිලයේ ලබා දිමට කටයුතු කර තිබුණද රුසියාව කිසිදු රටකට මෙම එන්නත් නොමිලයේ ලබා දි නොමැත.
එසේ වුවද මේ මොහොතේ දියුණ වෙමින් පවතින රටවල නායකත්වයන්ටද අවශ්‍ය වී ඇත්තේ තම රටේ ජනතාව ඉක්මනින් එන්නත්කරණයට ලක් කිරීමය. ඒ දැක්ම මත හිඳින නායකයන්ට චීනය සහ රුසියාවේ එන්නත් පහසුවෙන් ලබා ගත හැකිය.

චීනය තම නිෂ්පාදන ධාරිතාව ඉහළ මට්ටමක රඳවාගෙන තිබුණද රුසියාවට තම එන්නත් දාරිතාව වැඩි කර ගැනිමට හය වන්නේද චිනයේ ඖෂධ සමාලම් තුනකි. ඔුවන්ට ලැබි ඇති එස්පුට්නික් එන්නත් නිස්පාදන ඇණවුම මාත්‍රා මිලියන260කි. මේඩ් ඉන් චයිනා ස්පුට්නික් එන්නත එන්නේ ඒ අනුව බව සී.එන්.එන් පුවත් සේවය පවසයි.

ලෝකයේ රටවල් 60කට යවන්නට තරම් ධාරිතාවක් සහිත රුසියාව තම රටේ ජනතාව අතරින් ස්පුට්නික් එන්නත ලබා දි ඇත්තේ එරට සමස්ත ජනගහණයෙන් සියයට 5.9කට පමණි. එමෙන්ම චීනය එරට ජනගහණයට සාපෙක්ෂව මේ වනවිට ලබා දී ඇත්තේ මාත්‍රා මිලියන 300ක් පමණක් බවය. කෙසේ වුවද එයින් පළමු මාත්‍රාව ලබා ගත් පිරිස සහ දෙවන මාත්‍රාව ලබා ගත් පිරිස කොපමණදැයි නිශ්චිතව ප්‍රකාශ කරන්නේ නැත.

කෙසේ වුවද පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බිඩෙන් එරට ඖෂධ නිෂ්පාදකයන්ට බුද්ධිමය දේපළ සඳහා පවතින අයිතීන් සම්බන්ධ නිති රෙගුලාසිවලින් කොවිඩ් වැළැක්වීමේ එන්නත් නිදහස් කිරීමට තීරණය කළේය. එය අඩු මිලට දියුණු වෙමින් පවතින රටවල් තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට සහ අඩු මිලට අලෙවි කිරීමට පොලඹවන කරුණකි.

මේ සහනය මත ඉදිරියේ දියුනු වෙමින් පවතින රටවල්වලට අඩු මිලට ෆයිසර්, මොඩර්නා වැනි එන්නත් ලබා ගැනීමේ ඉඩ ලැබෙනු ඇත. එසේ වුවද දැනට එම කටයුතු සිදුවන වේගය අනුව අදාළ කටයුතු ප්‍රායෝගික මට්ටමට පැමිණෙන කාලය වනවිට රුසියාන සහ චීනය තම එන්නත් දැල තුන්වැනි ලෝකය පුරා එලා අවසන් වනු ඇති බව බොහෝ විචාරකයන්ගේ මතයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුරු පුරුදු පිටපතටම පොලිසියෙන් මරා දැමූ කොස්ගොඩ තාරක කවුද?   

Next Post

බදියුදීන් පාර්ලිමේන්තුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.