සමගි ජන බලවේගයේ කාන්තා සංවිධානය වන සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් තමන් ඉල්ලා අස්වන අද කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළාය.
පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව ආසන සංවිධායකයින් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙක් චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය කීවාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමගි ජන බලවේගයේ කඩුවෙල ආසන සංවිධායකවරිය ය.
පසුගිය වකවානුව පුරාම සමගි ජන බලවේගයේ ඇතැම් පිළිවෙත් සමග හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ බරපතල විසංවාදයක් ඇති වී තිබිණි. නාමයෝජනා ලබා ගැනිම දක්වා එම ගැටලුව උත්සන්න වුවද ඇයට කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලැබුණේය.
විශේෂයෙන්ම හිරු රූපවාහිනි නාලිකාව සහ සමගි ජනබලවේගයේ නායකත්වය අතර පවතින බලපෑම් සහගත සම්බන්ධතාවය හිරුණිකා ප්‍රේමචන්ද්‍රට පීඩාකාරී ලෙස බලපෑ බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කළේය.







