ජනාධිපති මන්දිරය අසල විරෝධතාවයක් දක්වමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 11 දෙනෙකු පොලිස් ඇප මත මුදා හැරියේය.
ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව කියමින් ආරම්භ කළ එම විරෝධතාවය අතර ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන වරාය පොලිසිය වෙත භාර දී තිබිණි.
අත්අඩංගුවට පත්වුණු පිරිස බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.









