ගාලුමුවදොර වෙරළ තීරයේ තිබී බෞද්ධ භික්ෂුවකගේ යැයි සැක කළ හැකි මළ සිරුරක් ගොඩ ගත් බව කොටුව පොලිසිය පවසයි.
පොලීසිය පැවසුවේ, ඊයේ (10) දිනයේදී මෙම මළ සිරුර මුහුදු වෙරළේ පාවෙමින් තිබියදී සොයාගත් බව ය.
මියගිය පුද්ගලයා අවුරුදු 35 ත් 40 ත් අතර වයස්වල පසුවන්නෙකු බවට සැක කරන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
මරණයට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව කොටුව පොලිසිය පවසයි.