ශ්‍රී ලංකා මුහුදු තීරයේ රැඳී සිටින කාලය පුරාවටම චන්ද්‍රිකා දත්ත පද්ධතිය අක්‍රීය කරගෙන සිට සිංගප්පූරුව බලා ගමන් කර තිබූ හිපෝ ස්පිරිට් චීන පොහොර නෞකාව යළි ෂින්ඩාවෝ බලා ගමන් කරමින් සිටින බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරයි.
මෙම නැවේ දත්ත පද්ධතිය සක්‍රීය කර තිබුණේ මාස දෙකකට ආසන්න කාලයකට පසුය.
ඒ අනුව කොළඹින් සංගප්පූරුවට ගිය නෞකාව පහුගිය 09 දා සිංගප්පූරුවට ගිය නෞකාව 10 වැනිදා සිට ෂින්ඩාවො දක්වා ගමන් ආරම්භ කර ඇත.
නෞකාව සිංගප්පූරුවට ගමන් කිරීමෙන් පසු මේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා චීන පොහොර සමාගම ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියාපටිපාටියකට යන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිනි.
සිංගප්පූරුවේ බේරුම්කරණය කිරීමට නියමිත කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 49.7 ක් බව සමාගම කීවේය.
මේ වනවිට සිංගප්පූරුවෙන් ගමන් ආරම්භ කර ඇති හිපෝ ස්පිරිට් නෞකාව ලබන 19 වැනිදා යළි ෂින්ඩාවෝ වරායට පැමිණීමට නියමිතව තිබේ.