බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“කාල ගැසීම“ ගැන වගේම “කාල නැසීම“ ගැනත් කල්පනාවෙන් බලන්න!

NATA සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂට පිළිතුරක්...

by editor
දෙසැම්බර් 13, 2021
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

විකුම් රණසිංහ

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිතුමා වන ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පසුගියදා ලංකාසර වෙත දක්වන ලද අදහසක් මගේ නෙත ගැටුණේ සමාජ මාධ්‍ය තුළිනි. එය මගේ අවධානයට ලක්වන්නට ප්‍රධාන හේතුව වූයේ මිලි ලීටර 180 කාලේ බෝතලේ තහනම් කිරීමෙන් ඔහු ශ්‍රි ලංකාවෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට ආරම්භ කර ඇති ගමන ය.

සමාධිගේ දූපත් මානසිකත්වය

දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික  අධිකාරියේ සභාපතිවරයා ලෙස හෝ  දැඩි මත් විරෝධියකු ලෙස ඔහුගේ බලාපොරොත්තුව ශ්‍රි ලංකාව මත්පැන් භාවිතයෙන් තොර දුපතක් බවට පත් කිරීමය. ඒ ඔහුගේ ඒ සිහිනය ගැන අපට විවාදයක් නැත. එහෙත් එය ඔහු තුළ පවතින යම් දූපත් මානසිකත්වයක් පෙන්නුම් කරන්නේ ද යන්න හැඟෙන්නේ බුද්ධ කාලයේ සිට මේ රහමෙර (මෙලො රහක් නැති වුණත්) පවතින නිසාය. එයද ශිෂ්ටාචාරය සමඟ ක්‍රම ක්‍රමයෙන් අප කැමැත්තෙන් හෝ  අකැමැත්තෙන් විකසනය වූ එක්තරා කර්මාන්තයක් බවට පත්ව ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 අනෙක් අතින් අද එය ව්‍යාපාරයක් එමෙන්ම ආණ්ඩුවට සල්ලි සපයන එක් නළයකි. ලොක් ඩවුන් ඇතත් නැතත් බාර් එක අරින්නට සිදුවන තැනකට රටේ ආදායම පිළිබඳව සංවේදිවන කර්මාන්තයක් බවට එය පත්ව ඇති අයුරු අපට පසුගිය දිනවල දැක ගන්නට ලැබුණි.

පිපාසිත මිනිස්සු ….

මෙවැනි රටක මත් පැන් බිංදුවක්වත් නැති රටක් බවට පත් කිරීමට  සභාපති වෛද්‍යතුමා බලාපොරොත්තු වන්නේ නම් එය අගනේය. එහෙත් එහි පවතින ප්‍රායෝගික භාවය මන්පැන් බිඳුවක් සේම නොසැලකිය යුතු තරමේ කුඩා එකක් බව මගේ වැටහීමය. අද පවතින බලපෑම් ප්‍රවණතා මැද මත්පැන් භාවිතය ලකාවෙන් තුරන් කිරීමට එකවර හිතන්නේ නම් එය තුළ යම් දූපත් මානසිකත්වයක ලකුණු ඇතැයි මා කියන්නේ ඒ නිසාය.

මා එසේ කියන්නේ ඇයි? ඊට බලපාන හේතු රැසක් ඇත. මෙහිදී මා දකින අකාරයට දුම්කොළ භාවිතය සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ සාධනීය පියවර ගණනාවක් ක්‍රියාත්මක වී ඇත. සභාපතිවරයා පවසන ආකාරයට එහි තව ඇත්තේ ඉලක්ක දෙක තුනක් පමණි. එනම් විවෘත පොදු ස්ථානවල දුම්පානය සම්පූර්ණයෙන් තහනම් කිරීම, තනි සිගරට් විකිණීම තහනම් කිරීම, මිල වැඩි කිරීම හෝ දුම්කොළ සම්පූර්ණයෙන් තහනම් කිරීමය. මෙයින් සෙසු පියවර සියල්ල කළ හැකි වුවද පවතින දේශපාලන සංදර්භය තුළ දුම්වැටි සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙල්ලමුල්ලි වයික්කාල් සටන තරමේ දුෂ්කර පියවරක් වනු ඇත.

සභාපතිගේ සුබ සිහිනය

වෛද්‍ය සමාධි රාජපක්ෂ කියන ආකාරයට ඔහුගේ අවසන් දැක්ම වන්නේ ශ්‍රි ලංකාව සෞඛ්‍ය හේතු නිසා මත්පැන් භාවිතය තහනම් කෙරෙන ලෝකයේ පළමු රාජ්‍යය ශ්‍රි ලංකාව කිරීම තම අරමුණ බවය. එය සභාපතිවරයාගේ ශුද්ධ වු අරමුණක් බව පෙනේ. එහෙත් නිවන් මඟට යාම මෙන් අපට විමුක්තිය ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු යථාර්ථවාදී මාර්ගය තුළ සැතපුම කණු ගණනාවක් පවතින බව පෙනේ. සභාපතිතුමා ම කියන්නේ මේ ගමන කාලේ බෝතලයෙන් පටන් ගන්නා බවය. එය හොඳ ප්‍රවේශයකි. ඒ ගැන මමද සභාපතිතුමාට සුබ පතමි. එහෙත් එයද දුම්වැටිය තුරන් කිරීම තරමටම බරපතල තත්ත්වයකි. එය පසුපස ඇති දේශපාලනය සහ සමාගම් බලපෑම මෙය ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමේදී දැඩිම අභියෝගයක් වන්නේය.

කාලේ බෝතලය තහනමට එක් අතකින් ජාතික දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ අධිකාරිය එක් ගමනක් යද්දී පරිසර අමාත්‍යංශයද කාලේ බෝතලය තහනම් කිරීමට යම් බලපෑමක් කරමින් සිටී.   සංඛ්‍යාලේඛන අනුව ශ්‍රි ලංකාවේ භාවිත වන මත්පැන් ප්‍රමාණයෙන් සියයට 50ක් පමණම භාවිත කරන්නන් වෙත යන්නේ මෙම කාලේ බෝතල් තුළය. එහි අනෙක් කතාව මත්පැන්වලින් ලැබෙන රුපියල් බිලියන 250ක පමණ වාර්ෂික ආදායමෙන් සියයට 50ක් යන්නේද මේ තුළින්ය. මේ නිසා මේ කාලේ භාවිත නැවතීමේ ගමන එක් අතකින් රාජ්‍ය මැදිහත්වීමත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපෑමත් යන බොතල් කටවල් අතර රැඳෙන්නට ඉඩ ඇත.

එහෙත් මෙම බෝතල් භාවිත කරන්නන් සම්බන්ධයෙන් සැලකීමේදී එය සෞඛ්‍යය අතින් රටට පාඩුදායක පසුබිමක් නිර්මාණය කරවයි. මේ කරුණු ඉස්මතු කිරීමට හුදෙක් නීතියෙන් එය තහනම් කිරීමෙන් එහා ගිය ජනතා සහභාගීත්වයෙන් යුතු වැඩසටහන් අවශ්‍ය බව මගේ අදහසය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ රටේ බහුතරයක් මත්පැන් දිනපතා පරිභෝජනය කරන්නන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දැඩි මත්පැන් භාවිත කරන්නන්ගේ කුලකයට දරුණු ලෙසින් ඇතුළත් වන්නන් බව තහවුරු ව ඇත. එබැවින් ඔවුන්ට අදට  වඩා ප්‍රායෝගික ලෙසින් මේ අනතුර සම්ප්‍රේෂණය කිරීමේ  වගකිමේ වැඩි බරක් ඇත්තේ ජාතික දුම්කොළ සහ මද්‍යසාර කටයුතු පිළිබඳ අධිකාරියට බව මගේ වැටහීමයි.

කසිප්පු අමතක කර මතින් තොර රටක් හැදීම

එබැවින් “කාල“ අහෝසි කිරීමත් සමඟම අනුගමනය කළ යුතු කාලෝචිත තවත් පියවරක් තිබේ. ඒ ලංකාසර තුළින් සභාපතිවරයා හෝ එම වෙබ් අඩවිය වැඩිපුර ඉස්මතු නොකළ කරුණකි. ඒ නීති විරෝධි මත්පැන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව පසුගිය කාලය තුළ ශ්‍රි ලංකාවේ මත් පැන් පානය වැඩි වී ඇත. එය දෛනිකව වැඩි වන ප්‍රවණතාවක් ද ඇත. මේ තුළ සියයට 40ක් පමණ යොමු වන්නේ නීති විරෝධි මත් පැන්වලටය. මත්පැන් ශ්‍රි ලංකාවෙන් තුරන් කිරීමේ සිහිනයක සභාපතිතුමා සිටියද ඔහු එම සාකච්ඡාවේදී ද බොහෝ සැහැල්ලුවෙන් පවසා ඇත්තේ නීති විරෝධි මත්පැන් සම්බන්ධයෙන් මේ වනවිට පවතින නීති හොඳටම ප්‍රමාණවත් බැවින් සහ ඊට අදාළ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනික රාමුවක්ද පවතින බැවින් කළ යුත්තේ ඒ ආයතනික රාමු වඩාත් සක්‍රිය කිරීම බවය.

එහෙත් එය සිදුවන බවක් පෙනෙන්නට නැත. රටේ දැනට ක්‍රියාත්මක වන මද්‍යසාර සහ දුම්කොළ පිළිබඳව 2006 වසරේ සිට ක්‍රියාත්මක වන පනත යළි සංශෝධනයේදී මෙම නීති විරෝධි මත්පැන් දුරලීමේ ක්‍රියාවලියට වගකීම් සහිත නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතුව ඇත. එහිදී ද මේ වන තෙක් ක්‍රියාත්මක වූ කරුණක් සේ පෙනී යන්නේ නැත.

විශේෂයෙන් මේ වනවිට තරුණ පරුපුර වේගයෙන් ගිල ගනිමින් සිටින්නේ මෙම නීති විරෝධි මත්පැන් ජාවාරමටය. එදා නගරයේ පමණක් තිබූ මේ ජාවාරම අද රටේ නැති තැනක් නැත. මත්ද්‍රව්‍ය පරිභෝජනය වැඩි වී ඇත්තේ නිත්‍යනුකූල ව අලෙවි කරන මත්පැන්වලට වඩා වෙනනත් නීති විරෝධී දේවල් නිසාය. කාලේ බෝතලේ තහනම් වෙද්දී ඒ පිරිස ෂොපිං බෑග් එකේ දමා විකුණන කසිප්පු කාලට යොමු වන්නේ නම් එයින් ඇති වැඩක් නැත. ඉතිහාසය අපට දී ඇත්තේ එවැනි පාඩම්ය.

එබැවින් සමසත් අරමුණ පිළිබඳව සැලකීමේදී මේ තත්ත්ව නොසලකා ප්‍රතිපත්ති සකස් කළ නොහැකිය. නීත්‍යනුකූල නිෂ්පාදප මත්තේම නීති රීති කොන්දේසි වගන්ති ඒ මේ අත පෙරළීමෙන් සිදුවන්නේ තවදුරටත් මේ නීති විරෝධී විෂ මත් ද්‍රව්‍ය ඇතුළු අනීතික කර්මාන්තය ඉදිරියට තල්ලු විමය.

එහෙම බැලුවොත් කවර පනතක් ගෙනාවත් අප හැමදාම කරකැවී ඉන්නේ එකම රවුමක් වටේ පමණකි. මේ ගැන හරි වැටහීමක් ලබා ගන්නට මේ කැලෑවට වැදිය යුතුය. එහි කටු කොහොල් පීරා අහු මුලු සෙවිය යුතුය. එය නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට පමණක් කළ නොහැකිය. ඒ සඳහා පර්යේෂණ සිදුවිය යුතුය. දත්ත තිබිය යුතුය.

දත්ත සහ පර්යේෂණ

වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතාට පිළිතුරක් ලියන්නට මත්තෙන් මම දුම්කොල සහ මද්‍යසාර  අධිකාරියේ වෙබ් අඩවියටද රිංගුවෙමි. එහිදී දුටු එක් දෙයක් ගැන මම සතුටු වීමි. ඒ ලබන 17 වැනිදා පවත්වන්නට යන පර්යේෂණ සමුළුවක් සඳහා ආශ්‍රිත පර්යේෂණ පත්‍රිකා කැඳවීමකි.

එය වඩාත් කාලෝචිත වී ඇත්තේ ශ්‍රි ලංකාවේ මත්පැන් ගැටලුව කෙතරම් දුරට ගියද මෙතෙක් මේ සම්බන්ධයෙන් සිදුව ඇති විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණය අල්පයක් වීමය. මෑතකදී වෛද්‍ය සමාධි රාජපක්ෂ   මාධ්‍ය හමුවට පැමිණ ගූගල්  හරහා මත්පැන් භාවිතය  පිළිබඳ සමාජ මතය විමසන පර්යේෂණයක් කළ බව ප්‍රකාශ කළා මතකය. එහෙත් පරිගණක සාක්ෂරතාවට ඇතුළත් නොවන අති දැවැන්ත සමාජ කුලකයක් මෙම මත්පැන්වලට ඇතුළත්ය. ඔවුන්ගේ ජීවිත මත්පැන් සමඟ සංකීර්ණභාවයට පත්ව ඇති සෙවීමට දවසකින් දෙකකින් කරන ගූගල් ෆෝම් එකකට කළ නොහැකිය. ඒ සඳහා පුළුල් විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍යය. විශේෂයෙන් රජයට මත්පැන් දුරලීමේ යම් ගමනක පියවර කෙසේ තැබිය යුතු දයි බැලීමට එවැනි විද්වත් පර්යේෂණ අවශ්‍යය.

අපට පෙනෙන ආකාරයකට කවර සංශෝධන ගෙනාවත් මධ්‍යසාර පිළිබඳව අප කරකැවෙනේ එකම කවයක නම් එයින් පළක් නැත. සිදුවන්නේ හැමදාකම මෙන් බොන එක නරකයි ඒක නොකළ යුතුයි කියන කාටවත් නෑසෙන කාටවත් නොපෙනන තැනක අප නතර වීමය.

එසේ නතර වීම යනු දවසින් දවස මත් පැන් බොන පිරිස වැඩි වීමත් ඒ තුළින් ජීවිතය , ආර්ථිකය මෙනම් සෞඛ්‍යයද නැති කර  නැති කර ගැනීම වැඩ වීමක් හැර යමක් වන්නේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“හිපෝ ස්පිරිට්“ චීන පොහොර නැව සිංප්පූරුවේ සිට යලි චීනයටම යන්න යයි..

Next Post

රැඳවුම් නියෝග අවසන් වූ පසු පොඩි ලැසී අධිකරණයට – පොලිස්පති සහතික වෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.