බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු රාජ්‍ය ඇමති වසන්ත සේනානායකගේ දේශපාලන වැඩට යෙදවූ අතුරුදහන් වුන RDA කැබ් රථයක් මාර්ග බාධයකදී අත් අඩංගුවට…

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ දැදිගම ආසන සංවිධායක වසන්ත සේනානායක ගේ දේශපාලන කටයුතු සඳහා යොදවා තිබුණු මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඩබල් කැබ් රථයක් වරකාපොළ අඟුරුවැල්ල මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී ගලපිටමඩ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කළ ක්ෂණික මාර්ග බාධක පොලිස් මෙහෙයුමකදී පෙරේදා (10) රාත්‍රී කාලයේ සොයාගෙන තිබේ.

අඟුරුවැල්ල දෙස සිට වරකාපොළ දෙසට ධාවනය වෙමින් තිබුණු pc 4755 අංකය දරන ඩබල් කැබ් රථය ක්ෂණික මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් නතර කර කළ පරීක්ෂාවේදී එහි රියැදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සතුව රියැදුරු බලපත්‍රයක් තිබී නැත.

දුම්මලදෙනිය, වරකාපොළ පදිංචිකරුවෙක් වන තිස් නම හැවිරිදි සමීර ලක්මාල් නැමැති රියැදුරා ප්‍රශ්න කිරීම් හමුවේ පොලිසියට පවසා ඇත්තේ වසන්ත සේනානායක මහතාගේ වරකාපොළ පිහිටි කාර්යාලයේ කටයුතු සඳහා මෙම කැබ් රථය භාවිත කරන එකක් බවය.

මෙම රථයේ ලියාපදිංචි තොරතුරු ද තිබී නැති අතර එහි ඉදිරිපස වීදුරුවේ අලවා තිබූ ආදායම් බලපත්‍රය පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී එය මාර්ග සංවර්ධන අධිකාරියේ රථයක් බව හඳුනාගෙන තිබේ.

මේ බව ක්ෂණික මාර්ග බාධක සෝදිසි රාජකාරියේ සිටි නිලධාරීන් ගලපිටමඩ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

එහිදී පොලිස් ස්ථානාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ රියැදුරු සමඟ කැබ් රථය පොලිස් ස්ථානයට රැගෙන එන ලෙසය.

පොලිසිය රියදුරා සහ කැබ් රථය පොලිසියට ගෙන්වාගෙන රියදුරාගෙන් කළ දීර්ඝ ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත්තේ මෙම රියදුරාගේ සොයුරා පසුගිය ජූලි 14 වැනිදා ගලපිටමඩ ප්‍රදේශයේ දී මාකිලංගමුවේ සංජීවගේ කොන්ත්‍රාත්තුවක් මත ඝාතනය කළ දුනුමාලේ සරත් ගේ කුලී ඝාතකයින්ගෙන් කෙනෙක් බවය.

එමෙන්ම ඔහු මෙම කැබ් රථය ධාවනය කර ඇත්තේ බීමතින් රිය පැදවීමේ වරදට ඔහුගේ රියදුරු බලපත්‍රය මාස තුනක කාලයක් සඳහා පොලිසිය උසාවියෙන් අත්හිටුවා තිබෙද්දී බවය.

පොලිසිය රියැදුරාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ වසන්ත සේනානායක මහතාගේ කාර්යාලයේ වැඩ කරන සේවකයින් කිහිප දෙනෙකු ඔවුන්ගේ නිවෙස්වලටත් අඟුරුවැල්ලේ ඇති කොරියන් භාෂා පුහුණු පාඨමාලාවක් පැවැත්වෙන ස්ථානයකටත් ඇරලවීමට ගොස් නැවත කාර්යාලයට යමින් සිටියදී පොලිස් පරීක්ෂාවට ලක් වූ බවය.

මෙම කැබ් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී ද මැතිවරණ කටයුතු සඳහා තමා පැදවූ බවද රියැදුරා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. සිය කාර්යාලයේ සේවයේ නිරත රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව දැනගත් වසන්ත සේනානායක ද පොලිසියට දුරකතන ඇමතුමක් දෙමින් තොරතුරු විමසා ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

තත්ත්වය පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔහු පොලිසියට පවසා ඇත්තේ පොලිසියේ රාජකාරිවලට තමා බාධා නොකරන බවයි. කැබ් රථය සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පිහිටි යම් කොන්ත්‍රාත් සමාගමක් රථය ඉකුත් ජනාධිපතිවරණ සමයේදී වසන්ත සේනානායකගේ කාර්යාලයේ කටයුතු සඳහා ලබාදී ඇති එකක් බවය.

ඒ සම්බන්ධයෙන් අදාළ සමාගමේ ප්‍රධානියෙක් පොලිසියට දුරකතන ඇමතුමක් දෙමින් සඳහන් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් එම රථය තමන් මිලදීගත් එකක් බවත් එය මිලදී ගෙන වැඩි කාලයක් නොමැති බවත්ය. රථය තමන්ගේ නමට ලියාපදිංචිය වෙනස් කිරීමට ප්‍රමාද වූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.

මෙම කැබ් රථයේ පෙනුම හා ධාවන තත්ත්වය සලකා බැලීමේදී රාජ්‍ය ආයතනයක් වන මාර්ග සංවර්ධන අධිකාරිය මෙවන් ධාවන තත්ත්වයේ ඇති වාහනයක් සමාගමකට අලෙවි කර තිබීම ගැටලුසහගත බව පොලිසියට පෙනී ගොස් ඇත.

ඒ අනුව වැඩිදුර විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ආදායම් බලපත්‍ර පවා පසුගිය අගෝස්තු පස්වැනිදා වසරක කාලයක් සඳහා අලුත් කරවාගෙන ඇත්තේද මාර්ග සංවර්ධන අධිකාරියේ වාහනයක් ලෙස බවය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් කළ පරික්ෂා කිරීමේදී තහවුරුවී ඇත්තේ තවමත් එම රථය ලියාපදිංචි කර තිබෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු නාමයෙන් බවය.

මෙම රථය මෝටර් රථ ප්‍රවාහන කොමස­රිස් කාර්යාලයේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරු නාමයෙන් ලියාපදිංචි කර ඇත්තේ 2011 වර්ෂයේ සිට බවද පොලිසියට පෙනී ගොස් ඇත. මේ හේතුව නිසා පොලිසිය වාහනයේ හිමිකරු බව සඳහන් කරමින් පොලිසියට ඇමතුමක් දුන් කොන්ත්‍රාත් සමාගමේ ප්‍රධානියාට පවසා ඇත්තේ වාහනය මාර්ග සංවර්ධන අධිකාරියෙන් මිලදී ගැනීමට අදාළ ලියකියවිලි පොලිසියට ඉදිරිපත් කරන ලෙසය.

එහෙත් ඊයේ සවස් වන තුරුම අදාළ සමාගමේ නිලධාරියා එම ලියකියවිලි රැගෙන පොලිසියට පැමිණ සිටියේ නැත.

ඒ අනුව වාහනය පොලිස් භාරයේ තබාගෙන සැකකාර සමීර ලක්මාල් නමැති රියැදුරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පොලිසිය ඉදිරිපත් කරනු ලැබූ කරුණු සැලකිල්ලට ගෙන රියැදුරු ලබන විසිතුන් වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. (  දිනමිණ – ගයාන්  කුමාර වීරසිංහ- කෑගල්ල විශේෂ – චමින්ද ජය­ලත්)

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වෙයි…

Next Post

බන්ධනාගාරගතව සිටින බැඳුම්කර වංචා චූදිතයෙක් සෞඛ්‍ය හේතු හදමින් ඇප ලබා ගැනීමේ උත්සාහයක! බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග හෙළි කරයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.