ඉරානයේ හිටපු මහ බැංකු අධිපතිට මූල්‍ය වංචා සම්බන්ධයෙන් වසර දහය සිර දඬුවමක් නියමවී තිබේ.
ඒ අනුව ඉරානයේ හිටපු මහ බැංකු අධිපතිවරයා සිය ධුර කාලයේදී විදේශ මුදල් හුවමාරු සම්බන්ධයෙන් සහ එරට ආර්ථික පරිසයට අයහපත් අයුරින් කටයුතු කර ඇති බවට එල්ලවූ චෝදනා වලට වැරදිකරු බව ඉරාන අධිකරණය තීරණය කර ඇත.
ඉරාන හිටපු මහ බැංකු අධිපතිවරයාට අමතරව ඔහු යටතේ කටයුතු කළ අයෙකුටද මෙහිදී සිර දඬුවම් නියමදී ඇති බව වාර්තා වේ.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන අන්දමට වැරදිකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 160ක්ද යුරෝ මිලියන 20ක්ද අයතාලෙස කළමනාකරණය කර ඇති බවට චෝදනා එල්ලවී තිබේ.