අඟහරුවාදා ජනපති මැදිහත්වීමෙන් ගුජරාටියේ සිට මෙරටට ගෙන්වනු බලන බව කියන “ද්‍රවමය නැනෝ නයිට්‍රිජන්“හි අන්තර්ගතය පිළිබඳව මේ වනවිටත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ප්‍රමාණික විද්වතුන්ට සඟවා ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ ගුජරාට්වල පිහිටා ඇති ඉන්දියානු ගොවීන්ගේ පොහොර නිශ්පාදන සමාගමයට (IFFCO) අනුබද්ධ නැනෝ තාක්ෂණ සංවර්ධන ආයතනය විසින් නැනෝ තාක්ෂණයෙන් වැඩි දියුණු කළ නයිට්‍රිජන් දියර පොහොර වර්ග දෙකක් වෙයි.
එක් වර්ගයක් නැනෝ යූරියා රාසායනික දියර පොහොරය. අනෙක නැනෝ නයිට්‍රිජන් දියර පොහොරය.
ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන් වන්නේ නැනෝ තාක්ෂණය ඇසුරින් වැඩිදියුණු කළ නැනෝ යූරියා රසායනික දියර විශේෂය ලෝකයේ මුල්ම වරට ඔවුන් විසින් නිශ්පාදනය කළ බවය.
ගොවීන් ඝණ යූරියා අධික ලෙස භාවිත කරන නිසා ඉන් පසටත් පරිසරයටත් සිදුවන හානිය අවම කිරීමට මෙම රසායනික දියරය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව නිශ්පාදකයෝ කියති.
මෙහි අන්තර්ගය ලෙස සැලකෙන්නේ නැනෝ යූරියා අංශුය. ශාඛවල වර්ධනයට අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රභවයක් ලෙස මෙම දියරය සාර්ථක බව වෙබ් අඩවිය කියයි. මෙම ද්‍රව යූරියා ඉතා සුලු ප්‍රමාණයක් පත්‍රවලට ඉසීමෙන් ශාඛ වර්ධනයට වශ්‍ය නයිට්‍රින් තිර කරගත හැකි බව එම වෙබ් අඩවියේ දැක්වෙයි.
ඔවුන් පවසන්නේ සම්ප්‍රදායික යූරියා ගෝනියක ප්‍රමාණයට මෙම ද්‍රව නැනෝ යූරියා අවශ්‍ය වන්නේ මිලි ලීටර 500ක් පමණක් බවය. දැනට ලංකාවේ සම්මත යූරියා යෙදවුම හෙක‍්ටයාරයකට යූරියා ගෝනි 04කි. මේ ගෙන එන්නේ නැනෝ යූරියා නම් හෙක්ටයාරයකට අවශ්‍ය වන්නේ මෙම ද්‍රව යූරියා ලීටර 02කි.
එහෙත් කාබනික සම්භවයක් ඇති බව කියන නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධව වෙබ් අඩවියේ වැඩි දුර විස්තරයක් නැත. එය කොතෙක් දුරට කාබනික ද යන්න පිළිබඳව කිසිම තැනක සඳහනක් ද නැත. ඒවා මිලදී ගත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඒ ගැන විමසූ විට කිසිම බලධාරියෙක් පැහැදිලි පිළිතුරු නොදෙන බව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත්හු කිහිප දෙනෙක්ම ලංකාසරට පැවසූහ.
මේ පොහොර වර්ග දෙක රටේ ගොවිබිම්වල භාවිතය සඳහා මේ වනතුරු නිර්දේශයක් නීත්‍යානුකූල ආයතන හරහා ලැබී නැති බවද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග තහවුරු කළේය.