විදුහල්පතිවරුන් සතු යතුරු බලහත්කාරයෙන් ලබාගෙන එළඹෙන 21 වෙනිදා පාසල් ආරම්භ කිරීමේ උත්සාහයක ප්‍රාදේශීය දේශපාලකයින් නිරතව සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆි ස්ටාර්ලින් පවසයි.
එළඹෙන 21 දාට පෙර විසඳුමක් ලබා නුදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග දිගටම කරගෙන යන බවත් පාසල්වල වගකීම් දරන විදුහල්පතිවරුන්ගේ යතුරු බලහත්කාරයෙන් ගෙන පාසල් ඇරීමේ සූදානම ලෙස අවධානයෙන් යුතුව බලා සිටින බවත් ලේකම්වරයා කීවේය.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය, වැඩබලන විදුහල්පතිවරුන්ගේ සංගමය සහ අධිසේවා විදුහල්පති එකමුතුවේ නියෝජිතයින් අද අනුරාධපුරයේදී එස්.එම් චන්ද්‍රෙස්න අමාත්‍යවරයා හමුවී තිබුණි.
එහිදී ඔවුන් සඳහන් කළේ ලබන 21 වැනිදා පාසල් ගොස් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකිරීමට තම පිරිස සූදානම් බවය.
මේ අතර එලඹෙන 21 වැනිදා පාසල් ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව හෝමාගම ප්‍රදේශයේ සිසුන් 200ට අඩු පාසල් සියල්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අද ආරම්භ කර තිබුණි.
ඒ අනුව හෝමාගම දීපාන්ගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති, ගුරුවරුන් සහ දරුවන්ගේ මව්පියන් එක්ව අද පාසල පිරිසිදු කිරීමේ කටයුතු සිදුකළ අතර එය නිරීක්ෂණය සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැමිණ සිටියේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන ගුරු සංගමයේ රුවන්වැල්ල ආසනයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ කිසිම අවස්ථාවක ගුරු සටන පාවාදීමට තමන් සූදානම් නොමැති බවය.
දෙරණ –