සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නඩුවක් පවරන්න කියන්නේ ඇයි?… කතෝලික සභාව කරුණු පහදයි!

by editor
ජූලි 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේශය වන්නේ ඔහු සම්බන්ධව අපරාධ නඩුවක් පැවරීම බවත්,  එම නිර්දේශය ක්‍රියාත්මක කරන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටින බවත්,   කොළඹ අගරදගරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කළේය.

අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කීවේ මෙම නිර්දේශය පමණක් නොව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ලබා දුන් සියලු නිර්දේශ ක්‍රියාත්මක වනු දැකීම කතෝලික සභාවේ අභිමතය බවය.

කරුණු පැහැදිලි කරමින් සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පෙන්වා දුන්නේ මේ වනවිට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන විධිමත්ව සහ ගැඹුරින් කිරීමට රජයේ නිර්දේශ මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පෙනී යන බවය. වසර 06කට පෙර සිදුවූ අපරාධයක ගැඹුරු සහ සංකීර්ණ තොරතුරු සොයගෙන අපක්ෂපාතීව සහ විධිමත්ව, විනිවිද භාවයකින් එම පරීක්ෂණ සිදුකර අවසන් ප්‍රතිඵළය ලබා ගැනීමට අවශ්‍ය කාලය ලබා දිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

සිරිල් ගාමිණි පියතුමා මෙසේ ද කීවේය.

” ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශයේ තියෙන්නේ ඔහුට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදනවලට අනුව ඔහුට විරුද්ධව අපරාධ නඩුවක් පවරන්න ඕන කියන එක. ඒ නිර්දේශය කරලා තියෙන්නේ නීතිපතිවරයාට.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

” එතකොට අපේ මුල ඉඳන්ම කිව්වේ මේ නිර්දේශය විතරක් නෙමෙයි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවෙන් දීලා තියන නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කරන්නට කියලා.
මේ විනය ක්‍රියාමාර්ගය අරගෙන ඒ අනුව තීරණයක් අරන් තියන එක ගැන අපි සතුටුයි.”

“නමුත් පාර්ලමේන්තු විමර්ශන කොමිෂන් සභාවෙන් දීලා තියන හැම නිර්දේශයක්ම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. මොකද ඒකට හේතුව. මේ පාස්කු ඉරිදා ප්‍රහාරය සමූහ ඝාතනයක්. නිලන්ත ජයවර්ධනට සුමාන ගණනකට කලින් ලැබිලා තිබුණේ මේ ප්‍රහාරය එල්ල කරන්නේ කවුද කියලා කොහාට ද ප්‍රහාරය එල්ල කරන්නේ කියලා කියැවෙන ඉතාම ස්ථිර තොරතුරු . සුමාන ගණනක ඉඳලා ලැබුණ මේ නිශ්චිත තොරතුරු ප්‍රහාරයට පැය භාගයකට කලිනුත් ලැබිලා තියනවා.”

“එහෙම ලැබිලා තියෙද්දිත් ආරක්ෂක කමිටුවෙ රැස්වීමක් පැවැත්වෙලා තියනවා. නමුත් මේ තොරතුරු පිළිබඳව ආරක්ෂක කමිටු රැස්වීමේ දී ඔහු කරුණු ඉදිරිපත් කරලා නෑ. ඒක බුද්ධි තොරතුරක් නෙමෙයි කියලා තමයි ඔහු කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය තොරතුරක්”

“නමුත් සාමාන්‍ය තොරතුරක් බුද්ධි තොරතුරක් බවට පත් කරගැනීමේ ක්‍රියාමාර්ගයක් තියනවා කියලා පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ කියනවා. ඒ ක්‍රියාමාර්ගය ඔවුන් අරගෙන නෑ.
ඒ වගේම ඔහු පාවිච්චි කළ ලැප්ටොප් එකේ සියලුම දත්ත මකා දාලා තියනවා. ඒ වගේම ඔහුගේ ජංගම දුරකථනයේ තිබ්බ සියලුම දත්තත් ඔහු මකා දාලා තියනවා.”

“මේ දේවල් තොරතුරු හැටියට ඔහු පාවිච්චි කළා නම් මේ ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා කියන එක තමයි විමර්ශන කොමිෂන් සභාව කියන්නෙ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමරිකාවෙන් බොරතෙල් ගන්නේ ඇයි?… ඛණිජතෙල් නීතිගත සංස්ථාව හේතු කියයි!

Next Post

පාසල් සිසුවෙක් කැලෑ බද ඉඩමක තිබී සොයා ගත් අත් බෝම්බයක් බෝලයක් යැයි සිතා ගලවන්න හදලා… දරුවා අනූ නවයෙන් බේරෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.