සුමිත් පොතුපිටිය –
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
මියයන විට 75 වන වියේ පසුවු ඒ මහතා සිව්දරු පියෙකි.
පානදුර, බණ්ඩාරනායක මාවත, වෑකඩ අංක 14 නිවසේ පදිංචිව සිටී ඔහු මාස කිහිපයක සිට පොලිස් රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් ලබා ඇති ඔහු කලා කටයුතු වල විශේෂ දක්ෂතාවලින් හෙබි දක්ෂ ග්‍රන්ථ කතුවරයෙකි.
අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පවසයි.