ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න සහ ඔහුගේ මව ගමන් ගත් රථය අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේදී අද (14) රිය අනතුරකට ලක්ව තිබේ.
පොලිසිය පැවසුවේ තුවාල ලැබූ ලහිරු තිරිමාන්න, මව සහ රියදුරු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවය.
මහනුවර සිට අනුරාධපුරය බලා ධාවනය වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ගමන් ගත් මෝටර් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් ධාවනය වූ ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව බලධාරීහු පවසති.
රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බවට සැක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.