ලලිත් චාමින්ද-
-
පාතාල ගැටුම්වලින් අවුරුද්දකට දකුණේ ඝාතන 50ක්…
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි වු ද්විත්ව ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් යොදවා ඇති බැව් ගාල්ල කොට්ඨාසභාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසෙගේ අධික්ෂණය යටතේ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් හා සහකාර පොලිස් අධිකාරි සනත් අමරසිංගේ අධික්ෂණය යටතේ හික්කඩුව පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් ඝාතකයන් කොටුකරගැනිම සඳහා යොදවා ඇති බවද ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.
හික්කඩුව තිරාණගම ප්‍රදේශයේ දි යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදුකොට තිබුණි.
අධිකරණයේ විභාගවෙමින් පවතින නඩුවකට පෙනීසිටිම සඳහා යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ ඝාතනයට ලක්ව තිබුණි.
ඝාතනය කොට ඇත්තේ අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් (47) සහ හෙන්දහේවගේ ඉසුරු ප්‍රසන්න (26) නැමති අබගහවත්ත කලුපේ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති .
මෙම ද්විත්ව ඝාතනය වු ස්ථානයේ තිබි උණ්ඩ 15ක් පොලිසිය මගින් සෙයාගෙන තිබුණි. ඝාතනයට ලක්වු පුද්ගලයින් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්වීමට නියමිතව තිබුණි.
දකුණේ පතාල කල්ලි අතර ඇතිවන ගැටුම්වලින් වසරකට 50ක් පමණ ඝාතනයට ලක්වන පොලිස් ආරංචි මර්ග සඳහන් කරයි.
දකුණු පාතාල කල්ලි අතර කාලයක් තිස්සේ ඇති වන ගැටුම්වල ප්‍රථිඵලයක් වශයෙන් මෙසේ මිනී මරාගන්නා බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිසිය මගින් අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළද පාතාලකල්ලි සාමාජිකයින් ඉන් සැහීමකට පත්නොවන බවද පොලිසිය පවසයි.







